කලා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් මෙරට සියලු ජනයාගේ ආදරය මෙන්ම ගෞරවය හිමිකර ගත් දක්ෂ ප්‍රවීණ කලාකරුවෙකු තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ. ඇත්තෙන්ම කලාවේ නොමැකෙන නමක් සනිටුහන් කළ ප්‍රවීණයෙකු ලෙස අපට ඔහුව හදුන්වන්න පුළුවන්.
කොහොම වෙතත් මේ කලාකරුවා ගැන පහුගිය කාලයේ අපට කණගාටුදායක පුවතක් අසන්නට ලැබුණා. ඒ ඔහු රිය අනතුරකට ළක්වීම පිළිබඳවයි. එලෙස අනතුරට පත් ඔහු බරපතල ලෙස තුවාල ලබමින් රෝහල්ගත කෙරුණා. මේවෙද්දී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් තිබෙනවාලු.

ඉතින් මුළු රටක්ම ආශිර්වාද කරන මේ මොහොතේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර විසින් සුවිශේෂ සටහනක් තබා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඔහු කියල තිබුණේ අපිට වගේම අපේ දරුවන්ටත් සීයා නැති පාලුව කොච්චරක් දැනෙනවද කියලා වචන වලින් කියන්න බැරි වුණාට දුව කරන දේවල් වලින් එයාගේ පාළුව තේරෙනවා කියලයි.

ඒ වගේම තව ටික දවසයි සිංහයා ගෙදර එනවා කියන ඔහු කියන්නේ හැමගේ ප්‍රර්තනා වලට ස්තුතියි කියලයි. මේ අතර අප්පචිට ආදරේ කරපු හැම කෙනෙක්ම අද ගොඩක් දුක්වෙනවා කියන අකිල පවසන්නේ ඒ හැමෝගෙම ආශීර්වාදය මගේ අහිංසක අප්පච්චිට මහමෙරක් කියලයි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් අප්පච්චිගේ ජිවිතේ රැකලා දුන්න වගේම අප්පච්චිව බලාගන්න හෙද නෝනලා ඔහුව ආදරෙන් බලාගන්නවා කියලත් ඔහු සදහන් කරනවා.

කොහොම වෙතත් දිවා – රෑ වෙහෙසෙන හැම කෙනෙක්ටමත් වචනෙකින් හරි සෙත් පතන රටේ ආදරණිය මිනිසුන්ටත් අපි පිං දෙනවා කියන ඔහු කියන්නේ මේ හැමෝගෙම ආදරේ තමයි අප්පච්චිව ජිවත් කලේ කියලයි. ඒ ආදරේ තමයි වටින්නේ, අපිට ශක්තියක් වෙන හැම කෙනෙක්ටම පින් කියලත් අකිල පවසනවා.

ඇත්තටම අපි හරිම වාසනාවන්ත මිනිස්සු, මේ වගේ අමාරු කාලයකත් හැම ප්‍රශ්නයක්ම එක්ක මගේ අප්පච්චිවත් මතක් කරලා බොහෝ දෙනෙක් බෝධි පුජාත් කරලා තිබුනා කියන ඔහු අපේ අප්පච්චිව ආදරයෙන් මතක් කරන්න පොඩි බාප්පාටත්, ඉරේශ්ටත් ආශිර්වාදය දෙන්න කියලයි පවසන්නේ.

ඒ වගේම අසල්වැසි අම්මාලා ඇවිත් ගෙදර ශුද්ධවූ පැය තිබ්බා කියන ඔහු ආදරේ හිත් වල පිරිච්ච ඔයාලත් අදහන බලවේගයකින් ඉල්ලන ශක්තිය අප්පච්චිට, පොඩි බාප්පාට ලැබෙනවා කියලයි කියන්නේ. ඉතින් දැනටමත් ඒවායේ ප්‍රතිපල ලැබිලා තාත්ත සුවපත් වෙමින් ඉන්නවා කියන අකිල කියන්නේ දිගටම ඒ ශක්තිය දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා කියලයි.




- ”එයා දුවෙක්” – කෝටිපති සැමියා පුදුමයට පත්කරමින් පළමු වරට මව්පදවිය ලබන සෙව්වන්දිගේ බබාගේ Gender Reveal පාටි එක
- රටේම අවදානය දිනූ අසේකා විවාහයෙන් පසු පළමු වරට රූපවාහිනී වැඩසටහනකට හැඩ වූ හැටි (ඡායාරූප සහිතයි)
- කරදරේ බැරිම තැන ආලියා භාත් දරු ගැබ පැපරාසීට පෙන්වයි (ඡායාරූප සහිතයි)
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන