මතකය හිතේ සැඟවුණු ගිනි පුපුරු මෙනි. එය සගයන් දහස් ගණනක් අහිමි කළ යුගයක සටන්කාමී දේශපාලන ඉතිහාසයකි. එය ලියා තැබීම අප ජීවත්වීමේ එක් අරමුණක් වී තිබුණි. ජීවිතය රැකගත්තවුන්ගේ වගකීම හා යුතුකම ඒ කතාව අනාගතයට ලියා තැබීමයි.
”1970 දශකයේ අග භාගයේ සිට 1990 අග දක්වා මැතිවරණ දේශපාලනය හා සනන්ද්ධ දේශපාලනයේ යෙදුණු මේ කතාව මගේ කතාව නොවෙයි. අපේ කතාවකි. මෙහි එන්නේ මෙතෙක් නොකියැවුණු, නොලියැවුණු නූතන ඉතිහාසයේ කතාවයි.
රටේ ජනගහනයෙන් 2% මරා දැමුණු බිහිසුණු සිවිල් යුද්ධයේ ඉතිහාසය දැනටමත් ජයග්‍රාහකයන් ලියා අවසානයි. එය යුද්ධ ඉතිහාසයක් මිස සමාජ ඉතිහාසයක් නෙවෙයි. එහෙත් මෙහි ලියවෙන්නේ අපරාජිත වීරයන්ගේ පරාජය වූ සටනේ ඇතුලාන්තයයි. රටේ ඉතිහාසය වෙනස් කිරීමට වෙර දැරූ සටන්කාමී තරුණ පරපුරක කතාවයි.
ගාමිණී මුතුකුමාරණ විසින් රචිත මතක ගිනි පුපුරු’ කතා පුවතේ 88 – 89 කාලය ගැන වැඩි වශයෙන් සඳහන් වෙයි.
මෙහි රචක ඔහු ජවිපෙ සාමාජිකයෙක්ව සිටි කාලයේ තෙවෙනි පෙල සාමාජිකයෙකු ලෙසයි කටයුතු කර ඇත්තේ.
මෙය ලියවීමට හේතුව එම දේශපාලන ව්‍යාපාරය පිළිබඳ ඔහුට ඇතිව තිබූ ඇල්මයි.
මෙම කෘතියේ ගෙනහැර පාන බොහෝ තොරතුරු විස්වාශීත්වයෙන් යුක්ත වීමයි. එමෙන්ම සත්‍ය අසත්‍යතාවය කිරා මැන බැලීම සඳහා මූලාශ්‍ර වන බොහෝ දෙනා අදත් ජීවත් වෙනවා. කෘතිය තුළ ඔවුන්ගේ නම් ඉදිරිපත් වනවා.
“මතක ගිනි පුපුරු,” ලෙසින් ඔබ හමුවට එන මේ කතා පුවත ඉතිහාසය සැඟව ගිය පරිච්ඡේදයන් එක පෙළට අමුණා තබයි. ඒ අපූරු කතා පුවත පිටු 552 පුරා සංක්ෂිප්තව සටහන් තබා ඇත්තේ ඉතා ආයාසයෙනි.
“මතක ගිනි පුපුරු” ගැන ගාමිණී මුතුකුමාරණ සමඟ කළ සාකච්ඡාවේ සම්පුර්ණ වීඩියෝ පටය පහතින්.