උණුසුම් පුවත්
Search
ranjith

වාහන අමතර කොටස් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට

143

රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන අමතර කොටස් සහ ආශ්‍රිත අපනයන ද්‍රව්‍ය සඳහා වන අමුද්‍රව්‍ය ආනයන සීමා ඉදිරි සති 02 ඇතුළත ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පසුගිය කාලයේ පැවති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ කිහිපයකට ආනයන සීමා පැනවීමට සිදු වූ බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ව්‍යාපාරික ඉල්ලීම් වලට අනුව නිෂ්පාදන 700කට වඩා ලැයිස්තුවෙන් ඉවත් කරන ලද බව ද සඳහන්.

“ඉදිරි සති දෙක ඇතුළත වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමාවන් අදාළ අංශ වල පුද්ගලයින්ගේ ඉල්ලීම් අනුව ඉවත් කෙරෙනු ඇත…” යනුවෙන් ඔහු පවසා තිබේ.