උණුසුම් පුවත්
Search
sadani

”මම ඇඟපතින් පොඩි නැති වුණාට මනසින් තවම පොඩියි” – රටේම කොල්ලන්ගේ ක්‍රෂ් එක සඳනි ප්‍රනාන්දු

962

සඳනි ප්‍රනාන්දු කියන්නේ හැඩකාර, දක්ෂ නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය ක්ෂේත්‍රයේ බොහොම ප්‍රවේශමෙන් ගමනක් යන කෙනෙක්. රඟන්න වගේම ගයන්නත් හැකියාව තිබෙන බව පෙන්නුම් කළ සදනි නිතර නිතර ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වෙන ශිල්පිනියක් කිව්වොත් වරදක් නෑ. මේ සදනි සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක උපුටා ගැනීමක්.

පෙම්වතා සඳනිගේ තේරීම්වලට බලපෑම් කරන්නේ නැද්ද?

”ඔහුගෙන් මම කරන කිසිම දෙයකට බලපෑමක් නැහැ. එයා මාව ගොඩක් වෙලාවට වැඩවලට දිරිගන්වනවා. සමහර වැඩ කරන්න කලින් එයාගෙන් අහනවා. ඒත් කිසිම බලපෑමක් එයා මට කරලා නැහැ. ඒක මට වටිනවා.”

image 293

පුංචි තිරයෙදි රංගනයට වුණත් වෙනත් කෙනෙක් ඉදිරියේ සදනි රොමෑන්ටික් වෙද්දි පෙම්වතා මොකද කියන්නේ?

”මම කරන වැඩ එයා බලනවා. අඩුපාඩු තියෙනවා නම් කියනවා…. රංගන ක්ෂේත්‍රයේ මගේ යාලුවෝ එක්කත් එයා සුහදශීලීයි. විශ්වාසය තියාගෙන වැඩ කළොත් කිසිම බලපෑමක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම විශ්වාසය රැකගෙන වැඩ කරනවා…”

image 290

ඒ කියන්නේ සඳනිට හොඳ සහකාරයෙක් මුණගැහිලා තියෙන්නේ?

”ඔව්. අපි හම්බෙලා කාලයක් යද්දි මට තේරුණ දේ තමයි එයා එක්ක ජීවත් වෙන්න හරි පහසුයි කියලා. හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. තේරුම් ගැනීම සහ විශ්වාසය කියන දේ ඕනම සම්බන්ධතාවයකදි ගොඩක් වටිනවා. ඒ දෙකම මගේ පැත්තෙනුත් වෙද්දි එයාගේ පැත්තෙනුත් ඒ දේවල් මට ලැබෙනවා…”

image 289

එහෙනම් විවාහ වුණ කාලෙකත් සඳනිට රංගනයෙන් ඈත් වෙන්න සිදු වෙන්නේ නැති වෙයි නේද?

”මම හිතනවා එහෙම වෙන එකක් නෑ කියලා. මම කාගෙවත් හීන මරන්නේ නෑ. මම කැමැති දේවල් කරන කෙනෙක්. අපිට අපි කැමැති, කාටවත් හානියක් නොවෙන දෙයක් කරන්න බැරි නම් වැඩක් නෑනේ. ඉතිං මම හිතනවා ඉස්සරහටත් දැන් වගේම එයා මගේ හීනවලට උදවු කරයි කියලා…”

රංගන ක්ෂේත්‍රයේ පවතිද්දි හොඳ ප්‍රතිචාර වගේම මිනිසුන්ගේ විවිධ අදහස්වලට ඇහුම්කන් දෙන්න වෙනවා. සඳනිටත් ඒ කාරණය ඒ විදිහටම බලපාලා ඇති?

”අපිට ආදරය කරන අය වගේම ආදරය කරන්නේ නැති අයත් ඉන්නවා. මුල් කාලේ නම් සමහර කතා අහන්න අමාරු වුණා. කාලයත් එක්ක හැමදේටම පුරුදු වෙනවා. සමහර අය කියන දේවල් දැන් ගණන් ගන්නෙම නැහැ. පීඩා කරන දේවල් මගේ ජීවිතයට නොඑන්න ඒ ස්වීච් එක දැන් මම ඕෆ් කරලා තියෙන්නේ. එතකොට ජීවත් වෙන්න හරි පහසුයි….”

image 287

සිනමාවට ඔබින රූපයක් හැකියාවක් තිබිලත් සදනි සිනමාවට නොඑන්නේ ඇයි?

”මම 2017 අවුරුද්දේ අරුණ ජයවර්ධනගේ එක චිත්‍රපටයකට සම්බන්ධ වුණා. හැබැයි තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ….”

image 292

රංගන ශිල්පිනියක් වුණ සඳනි පහුගිය කාලේ ගායිකාවකුත් වුණා. ගායන භූමිකාව ඉදිරියට පවත්වාගෙන යයි ද?

”මම තවම එක සිංදුවයි කියලා තියෙන්නේ. පියත් රාජපක්ෂ සමඟ ගායන කළ ‘ආදරේ මා නමින්‘ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මිලියනය පහු කරලා විව්ස් තියෙනවා ඒ ගීතයට. තව ගීත දෙකක වැඩ කරගෙන යනවා. එක ගීතයක් මම තනිවම ගයන්නේ. අනෙක් ගීතය යුග ගීතයක්. මට මගේම ගීතයක් කරන්න ඕනේ කියන බලාපොරොත්තුව නම් තිබුණේ නැහැ. පියත් තමයි මට ගීතයක් කරමු කියලා කිව්වේ. එයාගේ සහයෝගය එක්ක තමයි ඒ වැඩේ කරන්න හිතුවේ. හිතේ ආසාව එළියට ආවෙත් එයාගේ සහයෝගය නිසා…”

image 288

දැන් ගායනයට ද රංගනයට ද වැඩි බරක් දෙන්න කැමැති?

”ගායනයයි රංගනයයි අතරින් එකක් තෝරාගන්න කිව්වොත් මට ඒක කරන්න බැරි දෙයක්…. මම ඒ ක්ෂේත්‍ර දෙකටම ආසයි. සංගීතය කරනවා නම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම සංගීතය ඉගෙන ගන්න ගමන් ඉන්නේ….”

image 285

දැන් සඳනිගේ ගුරුවරයත් පියත් නේද?

”පියත් සංගීත පන්ති කරනවා. එයා තමයි මාවත් පුහුණු කරන්නේ….”

image 291

පෙම්වතියක් වුණාට බිරියක් වෙන පියවර සඳනි දැන්ම තියන්නේ නැති හැඩයි.?

”දැන්ම නම් විවාහය සිද්ධ වෙන්නේ නැහැ. මම ඇඟපතින් පොඩි නැති වුණාට මනසින් තවම පොඩියි. ඒ නිසා විවාහයට තවම මානසිකව සූදානම් නැහැ. මටයි පියත්ටයි තනි තනිව ජයග්‍රහණය කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි දෙන්නා ඒ ටිකත් සම්පූර්ණ කරගෙන විවාහ වෙනවා. කොහොමත් ඒකට තව අවුරුදු තුන හතරක් යයි…”

image 286

තිළිණි කෞශල්‍යා විජේසිංහ
රසඳුන අතිරේකය (සිළුමිණ)