කාලයෙන් කාලයට අපේ රටේ පුවත් මවන කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර නිරූපනයෙන්, නිවේදනයෙන්, නර්තනයෙන් සහ රංගනයෙනුත් දස්කම් දක්වන බොහෝ දෙනා ආදරය කරන චරිතයක් තමයි නර්මදා යාපා අබේවර්ධන කියන්නේ. දරු දෙදෙනෙකු සමඟ තනිවම දිවි ගෙවන නර්මදා ගැනත් අලුත් ආරංචියක් තියෙනවා. ඒ ගැන වගේම ඇගේ කලා කටයුතු ගැනත් කළ කතාබහක උපුටනයක් තමයි මේ.
නර්මදා කොහොමද දරුවෝ දෙන්නත් එක්ක ගෙවන ජීවිතේ?
”මගේ පුතාලා දෙන්නා එක්ක සතුටින් ජීවත් වෙනවා…. නොසිතූ විදිහට මගේ ජීවිතේට ආව ප්‍රශ්න එක්ක මම මානසිකව කඩාගෙන වැටුණා නම් මම අද මෙහෙම ඉන්නේ නැහැ. හිත ශක්තිමත් කරගෙන දරුවෝ එක්ක ජිවත් වෙනවා. ලොකු පුතාගේ වයස අවුරුදු 8යි. එයාගේ නම ආදිත්‍ය. එයා හොඳට ඉගෙන ගන්නවා….. පොඩි පුතාගේ වයස අවුරුදු 3යි. නොවා තමයි එයාගේ නම. මම තමයි මගේ දරුවෝ දෙන්නගේ සියලු වැඩ කරන්නේ. එයාලව තනි කරන්නේ නැහැ…. නිවාඩු වෙලාවට ඒ දෙන්නා එක්ක මම ට්‍රැවල් කරනවා….. මේ දෙන්නගේ වැඩත් එක්ක මගේ අම්මා, අක්කා, අයියා මට හරියට උදව් කරනවා. ජිවිතේ අත හරින්නේ නැතුව සතුටින් ජිවත් වෙන්න උත්සාහ කරනවා….”
තාත්තා කෙනෙක් නැතුව දරුවෝ හදන එක බරක් නෙමෙයිද..?
”ලොකු වගකීමක්. මගේ ජීවිතේ මම මුහුණ දුන් අත්දැකීම් එක්ක මම මගේ පුතාලා දෙන්නව හොඳට හදනවා. මොකද ඒ දෙනත් දවසක ලොකු වෙලා කසාද බඳියි. එතකොට මිනිස්සු කවුද කොහොමද ජීවත් වෙන්නේ කියලා එයාලා ඉගෙන ගෙන ඉන්න ඕන. ඒ නිසා මගේ ලොකුම ආසාව එයාලා යහපත් දරුවෝ කරන එක තමයි…..”
නර්මදා දැන් තනිකම මකා ගන්න, ජිවිතේ අර්ථවත් කර ගන්න ජිවිතේට අලුත් සහකරුවෙක් හොයා ගෙන නේද ඉන්නේ..?
”ඔව්. මම දැන් සිංගල් නෙමෙයි…. මට ආදරේ කරන්න, මගේ ජිවිතේ තේරුම් ගත්ත කෙනෙක් මට ඉන්නවා….. එයා මගේ හැම දෙයකටම මට උදව් කරනවා. එයා ගැන විස්තර මම දැන්ම කියන්නේ නැහැ….. තව ටික දවසකින් එයා කවුද කියලා දැනගන්න ලැබෙයි….”
ඔහු ඔබේ දරුවන් දෙදෙනාට හොඳ පියෙක් වෙයි කියලා හිතනවද..?
”ඔය ප්‍රශ්නයට මම මෙහෙම උත්තර දෙන්නම්…. මෙච්චරකල් මම මගේ ජිවිතේ ගැන හිතුවේ නැහැ. දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කවුද කියලා මම හිතුවේ. මම කොයිම මොහොතකවත් හිතුවේ නැහැ මට ආදරේ කරන, මාව තේරුම් ගත්ත කෙනෙක් මට ඕන කියන එක.. මගේ ජීවිතේ වැරදුණේ එතැන කියලා මම අද තේරුම් අරන් ඉන්නවා….. මට ආදරේ කරන කෙනාගෙන් ලැබෙන උපරිම ආදරේට මම උපරිමයෙන් ආදරේ දෙන්න ඕන. එයාව තෙරුම් ගන්න ඕන. දැන් මගේ ජිවිතේට ආ සහකරුවා බලාපොරොත්තු වෙන ඒ ආදරේ මම දෙන්නත් මම ආදරේ කරන්නත් මම උත්සහා කරනවා. එතකොට දරුවන්ටත් ඒ ආදරේ රැකවරණය ලැබෙයි….”