සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට ගොඩක් අයගෙන් ළමා කාලය තුළ මුවග රැඳුණු ගීතයක්. හුරුබුහුටි පොඩි කෙල්ලේකුයි අපේ රටේ ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි මහත්මයා යි ගායනා කරපු මේ ගීතය.ඒ ගීතය එවක ගායනා කරපු ඒ ළමා ගායිකාව දැන් සුරූපි තරුණියක්. ඇය නමින් නටාෂා පෙරේරා. ගායිකාවක් නිවේදිකාවක් රංගන ශිල්පිනියක් විදියට ප්‍රසිද්ධිය ලැබුවත් පහුගිය ටිකේ නම් ඇය වැඩිය දකින්නට ලැබුණේ නැහැ. ඇය සති අන්ත ජාතික පුවත්පතක් එක්ක ඇගේ ජීවිතයෙ රසබර තොරතුරු බෙදා හදාගෙන තිබුණා.
මේ අවුරුද්දේ වැඩි කාලයක් හිටියේ ඕස්ට්‍රේලියා ලංකාවේ නම් හිටියේ මාස දෙකයි. කාලයක් ලංකාවේ හිතාගෙන තමයි ආවේ තව සැලසුම් කරපු වැඩ කිහිපයක් තියෙනවා කරන්න.

මම අද කාලේ හිට් හැම නිර්මාණයක්ම බලනවා. මම පොඩ්ඩක් කම්මැලියි මම රැල්ලට හිතන් නැහැ මම හැම දෙයක්ම හොඳින් හොයලා බලලා ඒ විදිහට අනුවර්තනය වෙන්න උත්සාහ කරනවා. මේ සැරේ මම උත්සහ කරන්නේ වෙනස් නිර්මාණයක් කරන්න.
දීර්ඝ කාලයක් නිර්මාණ කරන්නෙ නැතුව හිටියාත් එයාට තියෙන ජනප්‍රියතාවය නම් අඩුවෙලා නැහැ. natasha ඒ ගැන කිව්වෙ මෙහෙම. ඒක මගේ වාසනාව වෙන්න ඇති සුළඟක් වී කරල අවුරුදු විස්සක් තාමත් මිනිස්සු ඔය ගැන කතා කරනවා. මම අඳින විදිහට හරි හමේ පාටට මිනිස්සු එක එක ඒව කිව්වත් මට ආදරේ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා.

social media වල යන දේවල් ගැන natasha එච්චර හිතන්නේ නැල්ලු ඒ ගැන එයා කිව්වේ මෙන්න මෙහෙම අදහසක්.. ”මම ඒ දේවල් ලොකුවට හිතන්නේ නැහැ. කියන කෙනාට කොහොමත් දේවල් කියන්න පුළුවන්. ලෝකයේ ඉන්න ජනප්‍රිය පුද්ගලයන් එක්ක බලද්දී මම නිකම් දූවිල්ලක් විතරයි. ඒ අයටත් සමාජ මාධ්‍යය තුළ එක එක දේවල් පැතිරෙනවා නම් අපිට නැති වෙයි ද?”
ජීවිතේ මෙච්චර කාලයක් ගෙවිච්ච හැටි ගැන ඇගේ මතය ඇය කිව්වේ මෙන්න මෙහෙම….”ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවට පස්සේ මම ජිවිතේ තුළ ලබා ගත්ත දේවල් සහ මට ලැබුණු දේවල් කියන්නේ මගේ කර්ම ශක්තිය මත මට හිමි දේවල් නිසා සියල්ල ගැන උපේක්ෂාවෙන් බලන්න අද මට පුළුවන්.”
