ලංකාවේ අපේ කලා ක්ෂේත්රය තුළ වසර ගණනාවක පටන් සිය ජනප්රියත්වය එකම ලෙසින් රඳවාගෙන ඉන්නට සමත් පුංචි තිරය තුළ අමතක නොවන චරිතයන් රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ.
කොහොම වෙතත් කලා ක්ෂේත්රය තුළ නිරන්තරයෙන් වැඩිය දැකගන්නට නොලැබුනත් ඇය විශිෂ්ට නිර්මාණයන් ඔස්සේ ප්රේක්ෂකයන් හමුවට එන්නත් අමතක කරන්නේ නැහැ.
පසුකාලීනව දේශපාලනයට සම්බන්ධව කටයුතු කළ ඇය මේ වන විට නිහඬ දිවි පෙවෙතක් ගත කරනවා.
කොහොම වෙතත් නදීෂා කියල කියන්නේ චරිතයක් තෝරා ගැනීමේදී ඒ පිටපත ගැන විශේෂ සැලකිල්ලක් දක්වන චරිතයක්. ඇත්තෙන්ම ඇයට කරන්න පුළුවන් චරිතයක් නම් විතරයි ඇය ඒ චරිතය අනිවාර්යයෙන්ම බාර ගන්නේ.

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටුකිරීමට ඇය සතුව සුවිශේෂ හැකියාවක් තිබෙනවා කිව්වොත් නිවැරදියි.

මේ කාලේ ඉස්සරට වඩා ගොඩක් පහසුකම් නවක රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට ක්ෂේත්රය තුළ නිර්මාණය වෙලා තිබෙනවා කියන ඇය නම් කියන්නේ කලාකාරයෙකුට ජීවිතයට සම්මානයක් ලැබෙනවා කියන්නේ ඔවුන් ජීවිතයේ ලබන ඉහළම සතුට ඒක කියලයි. ඉතින් කලාකාරිනියක ලෙස ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.
“සම්මානයක් ලැබීම කලාකරුවෙකුට විශාල ශක්තියක්…. ඒක වෘත්තීය ගෞරවයට ආභරණයක් වෙනවා…. බොහෝ සම්මාන උළෙලවල් පවත්වන්නෙ තමන්ගේ ආයතන ජනප්රිය කරගන්න. ඒ ආයතන වලට සම්බන්ධ අයටයි සම්මාන ලබාදෙන්නේ. බලපුහාම ජනතාවගේ සම්මාන ප්රතික්ෂේප වෙලා….. එවැනි අවස්ථා වල සම්මාන උළෙලයන් සඳහා වූ වටිනාකම නැතුව යනවා. මම සම්මාන ගත්තේ ක්ෂේත්රයට ආපු මුල් කාලේ… මුදල් දීලා ඒවා ගත්තේ නැති නිසා මම අවංකවම සතුටු වෙනවා ඒ ගැන. යම් යම් අවස්ථාවන් වල දී අසාධාරණකම් වුණත් සම්මාන උළෙලවල් පැවැත්වීම පිළිබඳව සතුටු වෙනවා….”


ඉතින් ඒ විදිහට අදහස් දක්වන නදීෂා පවසන්නේ ඉදිරියේදී මම බොහෝ දෙනෙක් ආදරේ කරන චරිත රැසකින්ම ප්රේක්ෂකයන් හමුවට එන්න සූදානමින් ඉන්නවා කියලයි.




