උණුසුම් පුවත්
Search
dinesh and shanudrie

”ශනුද්‍රි කියන්නේ කවුද කියලා කාලයත් එක්ක කියන්නම්” – ඉක්මනින් විවාහ වෙන්න කැමති දිනේෂ් කියන කතාව

24336

මේ දින වල බොහෝ දෙනාගේ අවධානය දිනාගන්න සමත්වුන ජනප්‍රිය ගායකයෙක් තමයි දිනේෂ් ගමගේ. ඒ වගේම මේ වනවිට තරුණියන්ගේ ආකර්ෂණය වැඩියෙන්ම ලැබෙන ගායකයා වන්නේත් දිනේෂ් ගමගේ. දැනෙනා තුරු මා, වෙරළු මල්, තමරසා, වැනි ගීත හරහා තරුණ සිත් වශී කරගත් දිනේෂ් ගමගේ සමග කළ කතාබහක් තමයි මේ.

දිනේෂ් ගමගේ ඉතින් කොහොමද ජීවිතේ?

”මේ දවස වල ඉතින් ඉදිරියේ කරන්න ඉන්න නිර්මාණ ගැන ප්ලෑන් කරනවා, ජීවිතේ ගැන නම් හොඳයි කියන්න බෑ, මොකද අපේ ජීවිත හොඳ වෙන්න තිබ්බා රටේ තත්වය හොඳ වුනා නම්…. මේක හැමෝටම ගොඩක් අමාරු කාලයක්… ඉතින් ජීවිතේ හොඳයි කියන්න නම් බෑ,”

1 3

මොනවද අලුත් නිර්මාණ ?

”පහුගිය දවස්වල තිසර ඉඹුලාන අධ්‍යක්ෂණයෙන් හත් දෙනෙක්ගේ ගීත හතක් කළා හතේ හත කියලා, ඒක ටිකක් වෙනස් විදියේ වැඩක්, ඒ නිර්මාණ හත අතරේ මගේ නිර්මානයකුත් තිබ්බා, ඒ වගේම ඒ හතේ හත ගීත සෙට් එකේ තනු දෙකක් නිර්මානය කළා, ඒ වගේම මම ශෂිකා නිසංසලා මහත්මිය එක්ක වගේම සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය සමග යුග ගීත කළා…. ඒවා තාම රිලීස් කරලා නෑ…. ජූලි 27 මගේ උපන්දිනය, එදාට ගීත ඇල්බම් එකක් නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා… ඒ වගේම වෙරළු මල් ගීතයේ දමිල වර්ෂන් එකක් ඉන්දියාවේ රැපර් කෙනෙක් එක්ක එකතු වෙලා කළා, ඕවා තමයි අලුත් වැඩ ”

8 3

කට්ට කාගෙන මේ ආව ගමන කන කියන්න තියෙන්නේ මොනවද ?

”මෙහෙමයි මම මුලින්ම මට ගීත ගායන හැකියාවක් තියෙනවා කියලා දැනගත්තේ උසස් පෙළ කරන කාලේ… මගේ පවුලේ කිසිම කෙනෙක් සංගීතයට සම්බන්ධ අය නෙවෙයි… ඒ අයට ඒ හැකියාව නෑ, ඇත්තම කියනව නම් කෙල්ලොන්ගේ ආකර්ෂණය දිනාගන්න තමයි මම සින්දු කිවුවේ, උසස් පෙළ ඉවර කලාට පස්සේ ගීත ගායනය ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන මට අයිඩියා එකක් තිබ්බේ නෑ… ඉතින් මම රට යන්න ට්‍රයි කළා, ඒ අතරේ ලහිරු පෙරේරා සහ මනුරංග එක්තරා රුපවාහිනී නාලිකාවකට ඇවිත් කිව්වා ඔවුන් සංගීත පාඨමාලාවක් පටන් ගන්නවා කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා, මම ඉතින් ඒකට අයැදුම් කළා, ඊටපස්සේ මට චාන්ස් එකක් ලැබුනා…. ලහිරු අයියා එක්ක වැඩ කරන්න, මනුරංග සහ ලහිරු අයියා කියන්නේ අදටත් මගේ ලඟින්ම ඉන්න දෙන්නෙක් මගේ සාර්ථකත්වයට ඒ දෙන්නා ගොඩක්ම හෙල්ප් කළා, ඒ වගේම මගේ ලඟින් හිටපු යාළුවො”

6 4

දිනේෂ් ආදරේ විඳින කෙනෙක්ද? ජනප්‍රිය නිළියක වන ශනුද්‍රි එක්ක සම්බන්දයක් තියෙනවා කියන්නේ ඇත්තද?

”මෙහෙමයි මම ආදරේ කරන්න වගේම ආදරේ විඳින්නත් පුදුම විදියට ආස කෙනෙක්… මම කැමතියි ඉක්මනින්ම විවාහ වෙන්න, මොකද මම පවුලකට කැමතියි. ඒ නිසා අපි ඉක්මනින්ම විවාහ වෙයි…. ශනුද්‍රි මගේ පෙම්වතිය කියන එකට කියන්න තියෙන්නේ, කාලයත් සමඟ ජීවිතේ හොඳම දේවල් හොඳම විධියට සිදු වෙයි කියලා මම විශ්වාස කරනවා. එම නිසා මේ ගැන දැනට කිසිවක් කියන්න මම කැමැති නැහැ. ”

3 2



Leave a Reply

Your email address will not be published.