උණුසුම් පුවත්
Search
milan

“ඔයාට විනෝද වෙන්න ඕන නම් කැමති ඕන දෙයක් කරන්න, ඒකට කාගෙවත් හදවත පාවිච්චි කරන්න එපා” – මාධවීගේ හිටපු සැමියාගෙන් සැර කතාවක්

13865

රටම ආදරය කරන කලා පවුලක් වන ”ඇන්තනී පවුලේ” එකම දියණිය වන මාධවී වත්සලා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. රංගනයට, ගායනයට, නර්තනයට , සිතුවම්කරණයට ඇතුළු එකී නොකී කලාවන්ට ඇය උපතින්ම දස්කම් ගෙනා කෙනෙක්. වෘත්තිමය වශයෙන් කතිකාචාර්යවරියක ලෙස ද කටයුතු කළ ඇය පෞද්ගලික ජීවිතයේ නම් ගැටළු රැසකට මුහුණ දුන් කෙනෙක් ලෙසයි ප්‍රේක්ෂකයින් පවා හඳුනන්නේ. පසුගිය කාලයේ ඇය සිය දෙවන විවාහයටත් සමු දුන් කතාව දැන් කාටවත් අලුත් දෙයක් නෙවෙයි.

No photo description available.

මේ වන විට මාධවී පෙම්වතියක් වන අතර, ඇය ඇගේ පෙම් කතාව පසුගිය දවසක පළමු වරට මාධ්‍ය හමුවේ අනාවරණය කළා.

No photo description available.

ඇගේ පෙම්වතා නිර්මාණකරුවෙකු, නීතිවේදියකු ද වන කසුන් මහේන්ද්‍ර හීනටිගල යි.

May be an image of 1 person and outdoors

මේ අතර, මාධවීගේ හිටපු සැමියා වන මිලාන් සිය සමාජ මාධ්‍ය ගිණුමට විවිධ දේ විටින් විට එක් කරන නමුත් පසුගිය දිනෙක මිලාන් අපූරු වීඩියෝවක් සිය ගිණුම තුළ බෙදාගෙන තිබුණා.

No photo description available.

එහි සඳහන් ව තිබුණේ මෙවැන්නක්..

“මම ඔබට එක රහසක් කියන්නම්. ඔබේ ජීවිතයේ ප්‍රමිතියක් තබා ගන්න. ඔබ විවාහ වීමට සුදානම් නැති නම් ඔබ පෙම් හමුවකට සුදානම් නෑ. එච්චරයි…. එහෙනම් ඔබ පෙම් හමුවකට පෙළඹෙන්නෙ ඇයි ? විනෝදයට….. ඔබට සතුටු වෙන්න ඕනි නම් කැමති යම් දෙයක් කරන්න. ඔබට විනෝද වීමට අවශ්‍ය නම් කන්දක් නඟින්න පටන් ගන්න. ඔබට විනෝද වීමට අවශ්‍ය නම් පීනන්න ඉගෙන ගන්න. ඔබට විනෝද වීමට අවශ්‍ය නම් රැකියාවක් කරන්න. ඔබට විනෝද වීමට අවශ්‍ය නම් ඔබට බැහැ තව කෙනෙකුගේ හදවත පාවිච්චි කරන්න, ඔබේ විනෝදයට..”

madavee 1