උණුසුම් පුවත්
Search
ramesh pathirana

”ඕන නම් පාර්ලිමේන්තු භෝජනාගාරය වහන්න” – වෛද්‍ය රමේෂ් පතිරණ

2246

පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ආහාර වේලක් ලබා දී ඒ වෙනුවෙන් සාමාන්‍ය මුදලක් අය කරන ලෙස යෝජනා කරන බවත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය වසා දමන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

“මේ 225 කෙරෙහිම ප්‍රභල වෛරයක් ජනතාවට තියෙනවා. මේ අවුරුදු 73ක කාලයක් තිස්සේ සිදුවුණ දේ ගැන ජනතාවට විවේචනයක් තියෙනවා. නරක පැත්තට දේශපාලඥයින්ට බනිනවා වගේම හොඳක් සිදුවෙලා තියෙනවා නම් ඒකේ ගෞරවය රටට හිමිවෙන්න ඕන. 225 කටයුතු පිළිබඳව බලාගෙන ඉන්න විශාල පිරිසක් විවේචනය කරනවා. අද උදේ අපි රණ්ඩු වුණේ පුටුවක් පිළිබඳව….. පැයක් අපි සාකච්ඡා කළා…. ඊයේ ඡන්ද වලට…. සාධාරණ නෑ නේද කියලා අපිටත් හිතෙනවා….

පසුගිය අවුරුදු 10ක් විතර බැලුවොත් මේකේ ඉන්න 225න් 25ක් 30ක් තමයි සභාවේ ගරුත්වය කෙලෙසන විදිහට හැසිරෙන්නේ. 200ක් හොඳ මිනිස්සු ඉන්නවා.

සභාවේ පැය කීයක් අපි නාස්ති කරනවද වැඩකට නැති වැඩ වෙනුවෙන්. ජනතාවට ප්‍රයෝජනයක් ලෙස කථා කරමු. මේ රටේ ජනතාව හිතාගෙන ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අධික සුඛ විහරණ සහිතව ජීවත් වෙන පිරිසක් කියලා. එහෙම නෑ…..

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය නැතිවුණාට පස්සේ ගෙදර ගිහිල්ලා කන්න අදින්න නැති කොච්චර අය ඉන්නවද? මේ විශ්‍රාම වැටුප මොකක්ද? රුපියල් 30000යි ලැබෙන්නේ. ඒකත් අවුරුදු 5ක් තිබුණ එක අවුරුදු 10ක් කළා අපේ පහුගිය අයවැය ලේඛණයෙන්.

මහ ලොකු දෙයක් විදිහට ලැබෙන බලපත්‍රය ගැන තමයි ජනතාව කථා කරන්නේ. එහෙම නැත්නම් ජනතාව හිතනවා අවුරුද්දේ දවස් 365ම පවුලේ සියලු දෙනා අරගෙන ඇවිත් මේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් රජ බොජුන් කනවා කියලා.

මාසෙට උපරිමයෙන් ඕන නම් මන්ත්‍රීවරයෙක් දවස් තුන හතරක් කෑමකයි. අපි ලියුමකුත් අත්සන් කළා සාමානය මුදලකට සාමානය කෑම වේලක් අරගෙන දෙන්න, ඒකට සම්පූර්ණ මුදල අය කරන්න කියලා අපි යෝජනා කරනවා. නැත්නම් ජනතාව හිතන්නේ අපි පවුල් පිටින් ඇවැල්ලා දවස් තිහම තුන් වේලම කනවා කියලා. භෝජනාගාරය වැහුවත් කමක් නෑ.” යනුවෙන් ඔහු සඳහන් කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *