උණුසුම් පුවත්
Search
Untitled design 27

” ප්ලයිට් එකක් මිස් වුණොත් ඔයාට five star හොටෙල් එකක් ගන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනි ” – ත්‍රිකලා ධරණි

177

ත්‍රිකලා ධරණි කියලා කියන්නේ වර්තමානයේ වැඩිපුරම කා අතරත් ජනප්‍රිය චරිතයක්. නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ඇය mrs universe කිරුළ දිනා ගත් රූප සුන්දරියක් ද වනවා. ඉතින් ඇය ගැන පසුගිය කාල වකවානුව තුළ දී කා අතරත් කතාබහට ලක් වුනේ එක්තරා රූපවාහිනි මාධ්‍ය වැඩසටහනක දී ඇය ඇයගේ හෑන්ඩ් බෑග් එකේ මිල රුපියල් ලක්ෂ ගණනක් වටිනවා යැයි පැවසු කතාව නිසයි. ඒ වගේම තමයි කෝටි ගණනක් වටිනා ඇගේ රෝස පැහැති range rover රථය නිසාත් ඇයව වැඩිපුරම සමාජයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වුනා. මිල අධික branded ඇඳුම් පැළඳුම් සහ බඩුබාහිරාදිය පාවිච්චි කරන ඇය ඒ පිළිබඳ පවසා සිටින්නේ ඇයගේ වෘත්තීයමය ජීවිතයේ එවැනි branded දේවල් පාවිච්චි නොකළ හොත් ඇයට ලැබෙන අවස්ථාවන් ප්‍රමාණය අඩුවන බවයි. මොකද ඇය වැඩිපුරම නියෝජනය කරන්නෙ විදේශ රටවල නිරූපණ කටයුතු සදහා යි.

FB IMG 1632923284686

ඉතින් කවුරුත් දන්නවා පහුගිය දවස් වල ඇය ඇයගේම fashion show එකක් සංවිධානය කොට ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් ඒ ගැන ගොඩක් දෙනෙක් කතාබහ කරනු ලැබූ අතර නොයෙක් ආකාරයේ විවේචනත් ඇයට ඒ සඳහා එල්ල වුණා. ඉතින් ඒ පිළිබඳව ඇය එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වලා තිබුනෙ මේ විදියට.

107837449 2053605428117159 6525006071292320736 n

“මම පුංචි කාලේ ඉඳන්ම කරන්නම් කියලා ඉඳපු දෙයක් මේ. photoshoot එකක් කරපු ගමන් top model කියනවා. මොන සුදුසුකමක් නිසාද එහෙම දාගන්නෙ. මට දැනගන්න ලැබෙනකොට මේ දේවල් විහිලුවක් වගේ. Top model කෙනෙක් වෙන්න නම්. ප්‍රධාන Fashion කැපිටල් හතරෙන් දෙකකවත් වැඩ කරලා තියෙන්න ඕනි. මේ Fashion කැපිටල් වල පුරුකක හරි වැඩ කරලා නැත්තම් top model කෙනෙක් වෙන්න බෑ. ඒ වගේම all country visa passport එකක් තියෙන්න ඕනි.

231231472 4293707194044358 6864259045874187840 n

අනිත් එක ෆ්ලයිට් එකක් මිස් වුණොත් ඔයාගේ බැංකු ගිණුමේ five star hotel එකක් ගන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනි. ලංකාවේ එහෙම ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. මම හිතනවා මම ඒ බැජ් එක ගන්න සුදුසුයි කියලා. මොන දේ තිබුණත් වැඩක් නෑ නිරූපණ ශිල්පිනියකට හැසිරෙන්න, කතා කරන්න, තවත් කෙනෙක් පාගගෙන යන්න කෙනෙක් නම්. මම මුලින්ම කරන්නෙ මගේ ළමයින්ගේ විනය හදන එක. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

78611 thrikala dharani