උණුසුම් පුවත්
Search
sanoja

”විශ්වාසවන්ත කෙනෙක් ලැබුණොත් හෙට වුණත් බඳිනවා” – සනෝජා බිබිලේ

853

දශක කිහිපයකට අධික කාලයක් මුළුල්ලෙහි රංගන ක්‍ෂේත්‍රය තුළ නොවෙනස්ව නම රැඳවූ ඇය මේ වන විට වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය බොහෝමයකට රංගන දායකත්වය ලබා දී ඇත. මැය ලාංකේය කලාව තුළ ප්‍රේක්‍ෂක මනස අමන්දානන්දයට පත් කළ රංගන ශිල්පිනියකි. ඇය නමින් ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේ.

මොනවද මේ දවස්වල තොරතුරු?

”මේ දවස්වල ඉතාම කාර්යබහුල ලෙස ගත කරනවා. Pleasing thorns කියලා චිත්‍රපටයක් කළා. හරියට ෆෝන් එකක් භාවිත කරන්නේ කොහොමද කියලා තමයි ඒකෙන් කියන්නේ. ඒක ලස්සන කතාවක්. ඒ චිත්‍රපටයට ආරාධනා කරපු කුලසිරි මල්ලිකාරච්චි මහතාට මම ස්තූති කරනවා. ඒ වගේම රාජ් රණසිංහගේ සහ චන්ද්‍රරත්නම් මහතාගේ ඉන්දියානු නිර්මාණයකට දායක වෙන්න සිටියත් එය කල් ගියා. එය ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක්ගේ නිර්මාණයක්. රටේ පවතින ගැටලු නිසා ඒවා කල් ගියා. ඒ දේවල් කරන ගමන් මගේ පෞද්ගලික ව්‍යාපාරවල නිරත වෙමින් සිටිනවා.”

මෙතෙක් රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් ඔබේ සිත්ගත් චරිතය කුමක්ද?

”සුදු අක්කා චිත්‍රපටයේ මම කරපු චරිතයට මම ගොඩක් කැමැතියි. එය මුඩුක්කුවක ජීවත්වන ගැහැනියකගේ චරිතයක්. එවකට බොහෝ දෙනෙක් මගේ රූපය දිහා බලලා මට අභියෝග කළා මට එවැන්නක් කරන්න බැහැ කියලා. නමුත් මම බොහෝ කැපවීම් කරලා ඒ චරිතය සාර්ථකව කළා.”

වර්තමානයේ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලා වලින් ක්‍ෂේත්‍රයට පැමිණෙන නවක නළු නිළියන් පිළිබඳව ඔබ දරන අදහස?

”ඒ තත්ත්වයට වගකියන්න ඕන අධ්‍යක්‍ෂවරු. ඔවුන් දැනගන්න ඕනා නිර්මාණයකට ගන්න විට නවක අයගේ පසුබිම, අධ්‍යාපන මට්ටම ආදිය පිළිබඳ සොයා බලන්න. අධ්‍යාපනයක්, ලොකු හැදෑරීමක් නැතිව නවකයෝ මේ ක්‍ෂේත්‍රයට එනවට මම ලොකු කැමැත්තක් නැහැ. සමහරු දවසෙන් දෙකෙක් ඇවිත් ක්‍ෂේත්‍රය විනාශ කරනවා. නමුත් දක්‍ෂයෝ අතළොස්සක් රැඳෙනවා. ”

May be an image of 1 person

මෙතෙක් පැමිණි ගමන පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

”කොහෙත්ම නැහැ. මම මේ ආපු ගමන ගැන කිසිදු පැහැදීමක් නෑ. මම මේ ක්‍ෂේත්‍රයට ඉගෙනගෙන ආපු කෙනෙක්. මගෙන් මේ ක්‍ෂේත්‍රය සම්බන්ධව තවත් වැඩ ගන්න තිබුණා. මගේ රැකියාවත් සමඟ මට ආපු බොහෝ චරිත මඟහැරුණා.”

මට චිත්‍රපටවලට සේවය කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඕනෑම දෙයක් කරනවා. චරිතයක් තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වන කරුණු මොනවාද?

”මම මුලින්ම පිටපත පිළිබඳ සැලකිලිමත් වෙනවා. සාමාන්‍යයෙන් ලිංගික අත්දැකීමක්, ආන්දෝලනාත්මක චරිතයකට ලක්වෙනවා නම් එවැනි චරිත මම හොඳින් අධ්‍යයනය කරනවා. ඊට පසුව අධ්‍යක්‍ෂවරයාගෙනුත් සහාය ලබා ගන්නවා. ඇඳුම් පැලඳුම් පිළිබඳවත් ඔබ හොඳින් බලනවා. මේ ක්‍ෂේත්‍රයට අමතරව ඔබ කැමැති වෙනත් ක්‍ෂේත්‍ර තිබෙනවාද? මම චිත්‍ර ශිල්පිනියක්. මම එය එස්.එච්. සරත් ගමගේ මහතා යටතේ ප්‍රගුණ කළා. ඒ වගේම මම මාධ්‍ය පිළිබඳවත් හදාරා තිබෙනවා. තවමත් ඉගෙනීමේ කටයුතුවල නිරත වෙනවා. ”

May be an image of 5 people

ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද?

”1987 වර්ෂයේදී තමයි මම මුලින්ම රංගනයට සම්බන්ධ වුණේ.”

හාස්‍ය රංගන ශිල්පීන්, ශිල්පිනියන් සඳහා ක්‍ෂේත්‍රය තුළ තිබෙන තැන ගැන කතා කළොත්?

”අද කාලේ හාස්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන මම ඉතාමත් ආඩම්බර වෙනවා. ඔවුන් ඉතාම තාත්විකව ඒක හා සමානව රංගනයට දායක වෙනවා. ”

වෘත්තීය ජීවිතය, පෞද්ගලික ජීවිතය සහ කලා ජීවිතය සමබරව කරගන්න පුළුවන්ද?

”ඔව් පුළුවන්. රංගනයේදී අවශ්‍ය වෙලාව වෙන්කරවාගෙන සහ අවසර රැගෙන හොඳින් එය කරනවා. ඒ වගේම මම මේ සැමදේම හොඳින් කළමනාකරණය කරගන්නවා. ”

No photo description available.

විවාහ වීමට අදහසක් නැද්ද?

”මට විවාහ වෙන්න ලොකු ආසාවක් තිබුණා. නමුත් මගේ යහළුවන්ට තිබෙන ගැටලු නිසා විවාහ ජීවිතය තරමක් එපා වුණා. එහෙත් මට හොඳ විශ්වාසවන්ත කෙනෙක් ලැබුණොත් හෙට වුණත් විවාහ වීමට මම සූදානම්.”

ඔබගේ වර්තමාන තොරතුරු පිළිබඳව කතා කළොත්?

”මම මේ දිනවල රාජ් රණසිංහගේ සහ ප්‍රසාද් මහතාගේ ඉන්දියානු චිත්‍රපටවලට සම්බන්ධ වී එම වැඩකටයුතුවල නිරතවෙමින් සිටිනවා. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාවෙත් නිරත වෙනවා.”

No photo description available.

හදගැස්ම