උණුසුම් පුවත්
Search
Untitled design 21

” දරුවෙක් දෙන්න බෑනේ අයින් වෙන්න කියනවනම්, එහෙම කෙනෙක් එක්ක ඉන්නවට වැඩිය හොඳයි අයින් වෙන එක ” – චතුරිකා පිරිස්

4799

පුංචි තිරය තුළ සිටින ආදරණීය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පිරිස් කියලා කියන්නේ. පුංචි තිරේ ටෙලිනාට්‍ය තුළ පමණක් නොව සිනමා නිර්මාණයන් තුලටත් සිය රංගන දායකත්වය ලබා දුන් ඇය බොහෝ වෙළඳ දැන්වීම් තුළත් music videos තුළත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඒ වගේම තමයි ඇයටම ආවේණික වූ කතා වෙලා විලාසයටත් රූපයටත් බොහෝ රසික රසිකාවියන් ප්‍රිය කරනවා. එදා මෙදා තුර අදටත් ඉතාම සුන්දර රුවකට හිමිකම් කියන ඇය මේ වන විට ආරාධනා නමින් හඳුන්වන පුංචි දියණියගේ ආදරණීය මව වනවා.

192136089 251259493442610 2816224090690824127 n

ඉතින් ඔබ අප කවුරුත් දන්නවා ඇය පළමු වරට විවාහ වන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය සමඟයි. නමුත් ඉතින් ඔවුන් දෙදෙනා අතර ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාම එම විවාහයට සමුදුන් ඇය ඉන්පසුව ජනප්‍රිය රංගන ශිල්පි ගයාන් වික්‍රමතිලක සමග යුගදිවියට එළඹෙනවා. ඉතින් මේ වෙනකොට ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය ඇයගේම යූ ටියුබ් නාලිකාවකුත් පවත්වාගෙන යනවා. ඉතින් ඒ සඳහා ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙන බව අපට දැක බලාගන්නට පුළුවන්. ඉතින් පසුගිය දිනක දී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී හොඳ අම්මලා සහ පවුල් ජීවිතය තුළ ඇතිවන අමනාපකම් පිළිබඳව අදහස් දක්වලා තිබුනෙ මේ විදියට.

281550246 481031390465418 7561686486081111949 n

“දරුවෙක් කුසට ආපු පළියට මම හිතන් නෑ හැමෝම හොඳ අම්මලා කියලා. මොකද ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන. සමහරු තමන්ගේ දරුවෝ පාවිච්චි කරනවා එක එක දේවල්වලට. ඒක තමන්ගේ අතේ තමයි තියෙන්නෙ. දරුවෙක් පිළිසිඳ ගන්න බැරි නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. ළමෙක් දෙන්න බෑනේ අයින් වෙන්න කියනවනම් husband හරි wife හරි. හොඳම දේ අයින් වෙන එක. එහෙම මනුස්සයෙක් එක්ක මැරෙනකන් ඉන්නවට වැඩිය හොඳයි අයින් වෙන එක.. සමහරක් අය මම දැකලා තියෙනවා, දරුවෝ නැතිවුණත් ආදරෙන් ඉන්නවා. ඒවා තමයි සුන්දර ආදර කතා “

මේ විදිහට අදහස් දක්වන ඇගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

261439808 372635201305038 1458608673985089413 n