උණුසුම් පුවත්
Search
kavi

”ගැළපෙන් නැත්තම් එකට ඉන්න හොඳ නෑ කවුරුත්” – කවින්ද්‍යා අධිකාරි

201

මෙරට ප්‍රකට ගායක යුවලක් තමයි අතුල – සමිතා කියන්නේ. ඔවුන්ගේ ආදරණීය දියණිය වූ කවින්ද්‍යා අධිකාරි මේ වෙද්දි තමන්ටම අනන්‍ය හඬකින් රසිකයින්ට අමතක නොවෙන කෙනෙක් බවට පත්ව හමාරයි. ගායනය තුලින් පමණක්ම නෙවෙයි, නිවේදනයෙන් රංගනයෙනුත් ඇය ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වෙනවා. දෙමාපියන්ගේ පෞද්ගලික ජීවිත කොයි විදියට විසදුනත් ඇය සහ එකම සහෝදරයා අම්මාට සමීපව තමයි ඉන්නේ. මේ තියෙන්නෙ කවී මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ කළ කතාබහකින් කොටසක්…..

image 327

විවාහය? ලිවින් ටුගෙදර්? කොහොමද දකින්නේ..

”දෙන්නෙක්ට දෙන්නෙක් විවාහ වෙන්න නම් සුදුසු ද බලන්න ඕනි…. ඒකට ගියොත් දෙන්නට දෙන්නා ජීවත් වෙද්දි සමානකම් මොනාද ? වෙනස්කම් මොනාද ? බලනවා. බැන්ඳම ඉතින් පෙෂර් එක වැඩියිනේ. ලිවින් ටුුගෙදර් හොඳටම ජීවත් වෙන අය ඉන්නවා. ගැළපෙන් නැත්තම් එකට ඉන්න හොඳ නෑ කවුරුත්.. ලෝකෙට පේන්න අනේ මම මේ ලොකු වෙඩින් එකක් ගත්තා කියලා එහෙම ජීවත් වෙන්නෙ ඇයි ? මුලින්ම ජීවිතේ තමන් තමන්ව සතුටු කරන්න ඕනි….”

image 325

නොගැළපෙන සම්බන්ධකම් තියෙද්දි හොඳම දේ ඒක නවත්තලා දාන එක? තිබ්බද එහෙම සම්බන්ධකම්?

”ඕන තරම් තිබ්බා….. දැන් ඒකටත් බනී, කමක් නෑ….. දවසේ අන්තිමට මමත් මනුස්සයෙක්. සම්බන්ධකම් තිබිලා තියෙනවා. ගැළපෙන් නැති තැන කතාබහ කරලා අයින් වෙලා තියෙනවා. අපරාදේ මෙයාව නැතිකරගත්තෙ කියලා හිතුණු වෙලාවල් තිබ්බා….

image 330

ඒත් මම හොඳ පැත්තට හිතුවා. හැමදේම වෙන්නෙ හේතුවකට… මේ තාක් වුණ හැමදෙයක්ම හොඳට සිද්ධ වුණත්, නරකට සිද්ධ වුණත් වැරදි අපි හැමෝම අතින් වෙනවනේ. මම හිතලා වැරදි කරලා නෑ….. හරි ආදරයක් ලැබෙනවා නම් ඕන කෙනෙක් බැඳෙනවා. ඒ දේ වෙනුවෙන් තමයි හැමෝම ජීවත් වෙන්නෙ. දැන් කාලේ හැමදේම දුකක්නේ….”

image 326

දුක අහන්න ළංවෙන අය ගැන කවී කිව්වේ මෙහෙම කතාවක්……

”ගෑනූ හරි බොළඳ චරිතනේ….. ගෑනුන්ට පුුංචි දේකින් සතුටු වෙන්න පුළුවන්. මට බැඳපු යාලුවෝ ඉන්නවා. පිරිමි යාලුවෝ… මුදු, මාල ඕනිම නෑ. පොඩි චොක්ලට් එකක් දෙන්න….. පුදුම විදිහට සතුටු වෙයි. තව කොටසක් ඉන්නවා හැබැයි යාන වාහන වලින් සතුටු වෙන.. එහෙම දුක අහන අය අනන්ත ඉඳලා තියෙනවා. අපි දැනගන්න ඕනි ඒ සීමාව…. හොඳම යාලුවෝ ගොඩක් වෙලාවට අතෑරිලා තියෙනවා ඒවා නිසා. යහපතක් වෙනුවෙන්ම එනවා කියන්න බෑ…”

image 328
image 329