පුංචි තිරයේ බොහෝ දෙනාගේ ආදරයට ලක්වූ රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. ඇගේ සැමියා රංගන ශිල්පී ගයාන් වික්රමතිලකයි. ඇගේ ජීවිතෙත් බොහෝම බාධක ඇති තැන් පහුවෙලා ගිහින්, අද වෙද්දි ආදරෙන් ඉන්න චතුරිකා, නිරන්තරයෙන් නිර්මාණ තුළිනුත් දකින්නට ලැබෙනවා. මේ තියෙන්නේ චතුරිකා මෑතක දී යුටියුබ් නාලිකාවක් සමඟ පළ කළ අදහස් වලින් උපුටා ගත්තක්….
ලංකාව ඇතුළේ දරුවෝ හදන්න බැරිද ?
”හැම අම්මා කෙනෙක්ම කැමතියි දරුවට හොඳ අනාගතයක් දෙන්න….. මම ඒක අසාධාරණයක් දකින් නෑ. මගේ දරුවා කියලා පිටරට රස්සාවක් කරනවට වඩා එහේ ගිහින් දරුවත් තියාගෙන ඉන්නවා නම්, ඒකට දොස් කියන්න බෑ….”

සිංගල් මාම් කන්සෙප්ට් එක ඕකේ ද ලංකාවට ?
”දැන් නේ ඔය ”සිංගල් මාම්” කියලා කියන්නේ. නමුත් ඈත අතීතයේ ඉඳන්ම අපේ ලංකාවේ ඕන තරම් සිංගල් මාම්ස්ලා ඉඳලා තියෙනවා. එක්කෝ පියා දාලා ගිහින්, නැත්තම් අතෑරලා ගිහින්. එක ගෙයි සංස්කෘතියකුත් තිබිලා තියෙනවා. සිංගල් මාම් වචනෙ හදාගත්තට ඒක අතීතෙත් තිබ්බා. කාලයත් එක්ක තමයි මේ ක්‍රමවේදය ඇවිත් තියෙන්නේ…..

ඉස්සර විවාහ සහතිකයක්වත් නෑ. ඉස්සර එපා වුණාම යනවා. දැන් සහතිකේ නිසා උසාවි ගිහින් වෙන් වෙනවා. මම නම් දකින්නෙ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා දරුවෙක් හදනවා නම් ඒක තමා හොඳ. එතනින් එහා ගිහින් දෙන්නා දෙපැත්තට වෙනවා නම්, ඒකට වැරදියි කියන්න බෑ. දරුවන් උපද්දවලා දෙන්නෙක් ඇන කොටා ගන්නවට වැඩිය අයින් වෙන එක හොඳයි….

අම්මා කෙනෙක් දෙවන විවාහයකට යනකොට ප්‍රශ්න එනවා. තාත්තා කෙනෙකුට නෑ?
”ලංකාවේ නීතිය අනුව මම දන්න විදිහට දුවෙක් නම් තාත්තට. අම්මට පුතාට.. නමුත් ඒවා වෙනස් වෙනවා. තාත්තා කෙනෙකුට තනියෙන් අම්මා කෙනෙක් නැතුව දරුවෙක් හදන්න බෑ, අමාරුයි…. තනියම පුලුවන්, නමුත් ආර්ථික ශක්තියක් තියනවා නම් පුලුවන්. දෙවනි විවාහයකට යනවා නම් ගෑනු ළමයි ඉන්නවා නම් ඒ අම්මා දෙපාරක් නෙවෙයි සිය පාරක්වත් හිතන්න ඕනි. ඒක එක එක්කෙනාගේ කර්මය අනුව වෙන දෙයක්…”

දෙවැනි විවාහයකට යන්නේ ඇයි ?
”ඒක එක්කෙනාගෙන් කෙනාට ඒ දේ වෙනස් වෙනවා… සමහර අය ඉන්නවා විවාහ නොවී ඉන්න තීරණය කරපු. ඇත්තටම විවාහයක් කියන කැපකිරීමනේ. අනිත් කෙනාව තේරුම් ගන්න ඕනි….”

දික්කසාද වීම් ගැන ?
”ඒක සමහර කාන්තාවගේ නොදැනුවත්කම වෙන්න පුළුවන්. දරුවෙක් ලැබෙන්නේ නැත්තම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. කාන්තාවක් හෝ පිරිමියෙක් කියනවා නම් ඔයා අයින් වෙන්න, ඔයාට මට දරුවෙක් දෙන්න බෑනේ කියලා අයින් වෙන එක හොඳයි. සමහරු ඉන්නවා. දරුවෝ හදලා ඒත් ආදරෙන් ඉන්නවා. ඒකයි වෙන්නෙ ඕනි….”


