ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ රසිකයන් සිනහ ගැන්වීමට සමත් වූ නළු නිළියන් සිටියේනම් ඒ සිටින්නේ ඉතාම අතලොස්සක් පමණි. මිහිර සිරිතිලක යනු සමාජය සිනහවෙන් පිරවීමට මුල සිට හාස්‍ය උත්පාදක රංගනය තම ජීවිතය කරගත්තු නලුවෙක්. එමෙන්ම ඔහු මේ දිනවල දැඩි කාර්යබහුලයි. ඒ එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාගත කෙරෙන කෝ කුක්කෝ නාට්‍ය නිසා. මේ දිනවල ඔහුට ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වෙනවා. ඔහු පවසන ආකාරයට මෙ ඔහුගේ ජීවිතයේ තුන්වැනි අධ්‍යක්ෂණය. ඔහුගේ රංගනයට හොඳ කියන අය වගේ නරක ප්‍රතිචාරත් තියෙනවා. නමුත් ඔහු එය සම සිතින් විඳ දරා ගන්නවා.ගොඩක් දෙනා කතා කතා කරන්නේ මිහිරගෙ අධ්‍යක්ෂණය ගෙන.

එයට මිනිස්සු ගොඩක්ම හොඳ ප්‍රතිචාර දක්වල තිබුන කියලා මිහිර කියනවා.මේ දිනවල අපේ රටේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක.නිෂ්පාදන වියදම් එකට හාරසියයක් විතර වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා නිෂ්පාදන කරද්දි කරද්දි බොහොම පරිස්සමෙන් වැඩ කරන්න වෙලා තියෙනවා කියලා තමයි ඔහු කියන්නේ.
සකලගුරු කියන්නෙ මිහිර රංගනයෙන් දායක වුණා . සුවිශේෂී ටෙලිනාට්‍ය.එය ජනප්‍රිය වෙන්න මිහිරගේ පරිනත රංගනය බෙහෙවින්ම බලපාලා තියෙනවා. සම්මාන ලැබිය යුතු නළුවෙක් වුණත් ඔහු සම්මාන පසුපස යන්නේ නම් නැහැ. ඔබේ අදහස අපි හරියට වැඩක් කරොත් දවසක ඇගයීමක් ලැබෙන එක නවත්තන්න අමාරුයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා රංගනය වෙනුවෙන් ඔහුට ලැබිය යුතු ඇගයීම ලැබෙන්න කියලා.

ඔහු රංගනයට පමණක් නෙවේ ලේඛනයටත් එකසේ දස්කම් දක්වනවා මේ අවුරුද්දේ ඔහු පොතක් එළිදක්වන්න සියල්ල සූදානම් කරගෙන ඉඳලා තියෙන්නෙ ඒක කෙටිකතා පොතක් වියදම් වැඩි වෙලා ඒ වැඩේ පොඩ්ඩක් කල් ගිහිල්ලා කියලා තමයි මිහිර කියන්නෙ.මීට අමතරව ඔහු ගීත රැසක් රචනා කරලා තියෙනවා. ඒවා ඕනම කෙනෙකුට බලාගන්න යූටියුබ් එකේ දාලා තියෙනවා කියලා තමයි කියන්නෙ.
වේදිකාව, පුංචි තිරය ,රිදී තිරය ,රචනා කලාව ,අධ්‍යක්ෂණය මෙ ක්ෂේත්‍රයන්ගේ දස්කම් දක්වන ඔහුට සිය අනාගත අරමුණ සාර්ථකව ඉටුකර ගන්න සතුටු වෙන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
