උණුසුම් පුවත්
Search
pafferal

”ඡන්දය කල් දාන්න වංගු ගැහුවොත් අපි උසාවි යනවා” – පැෆරල් සංවිධානය

81

මැතිවරණ ක්‍රමයට විවිධ සංශෝධන ගෙන එමින් පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් එයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ‘දිවයින’ට ඊයේ (21) සඳහන් කළේය.

එසේ ගෙන එන්නේ යහපත් සංශෝධනයක් වුවත් එය ගෙන එන්නේ අයහපත් චේතනාවෙන් බැවින් මැතිවරණ අයිතිය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ ද කීවේය.

”පළාත් පාලන මන්ත්‍රීවරුන් ගණන අටදහස් ගණනේ සිට හාරදහස් ගණනට ගෙන එනවා කියා දැන් සංශෝධනයක් ගෙන්න හදනවා. ඒක බැලූ බැල්මට හොඳ යෝජනාවක්. රටේ කවුරුත් කැමැති වේවි. ඒත් ආණ්ඩුව මේ හදන්නේ ඒ පිටින් දාලා ඡන්දය කල් දාන්න. ආණ්ඩුවට වුවමනා මීළඟ මහා මැතිවරණය වෙන තෙක්ම කිසිදු ඡන්දයක් නොතියා ඉන්න. ඊට ඉඩ දෙන්න බෑ….

පළාත් පාලන මැතිවරණය කැඳවීමේ බලය පසුගිය සැප්තැම්බර් 20 වැනිදා සිට මැතිවරණ කොමිසමට ලැබුණා. ලබන මාර්තු 20 වෙනිදා දක්වා කාලය තුළ ඔවුන්ට කැඳවන්න පුළුවන්. ඊට බාධා වන ආකාරයට ආණ්ඩුව කටයුතු කළොත් අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා….

ඒ වගේම පළාත් සභා ඡන්ද කල් දැමීමට එරෙහිවත් අපි උසාවි යන්න බලාපොරොත්තු වෙනවා….”

අනුරාධ හිරිපිටියගේ