උණුසුම් පුවත්
Search
POORNIKA

”මේ විවාහය අසාර්ථක වුණොත් මම ආයේ ජීවිතේට කසාද බදින්නෙ නෑ” – පූර්ණිකා පීරිස්

954

නිවේදිකාවක් රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගත්ත කෙනෙක් තමයි පූර්නිකා පීරිස් කියන්නේ. ඇය මේ වන විට නිදහස් මාධ්‍යවේදිනියක් විදියට වැඩ කරගෙන යනවා. ඉතින් පූර්නිකා පීරිස් එදා පුංචි තිරය හැඩ කල දක්ෂ රංගන ශිල්පිනියක්. ඒවගේම ඇය වෙළද දැන්වීම් හරහාත් ප්‍රේක්ෂක අපි අතරට ආවා.

image 126

ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස්ගෙ සහෝදරිය තමයි පූර්නිකා පීරිස් කියන්නේ. ඉතින් පූර්නිකා මේ වන විට පළමු විවාහයෙන් වෙන්වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඇය මේ වන විට විවාහ වෙලා ඉන්නෙ කලා ලෝකයේ අපි කවුරුත් දන්න කලා ශිල්පියෙක් සමගයි.

image 123

දක්ෂ නිවේදකයෙක්, තබ්ලා වාදකයෙක් වන පේෂල මනෝජ් සමගින් සතුටින් ජීවත් වෙන පූර්නිකා සහ පේෂලට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ආදිත්‍ය කියන්නේ පූර්නිකාගේ කලින් විවාහයේ පුතා සහ අභිමන්‍යු කියන්නේ ඔවුන් දෙදෙනාගේ පුතා. ඉතින් පළමු විවාහය නිසා අපහසුතාවයට පත් වෙලා හිටපු පූර්නිකා විවාහය ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

image 124

”දෙන්නෙක්ට කසාද බැදලා එකට ඉන්න බැරි නම් කරන්න තියෙන්නේ දෙපැත්තට වෙන එක. මම මගේ අත්දැකීමෙන් කියන්නේ….. මොකද දෙන්නා රණ්ඩු වෙවී දරුවො අහුමුලු වල ඉදලා පවුල් ජීවිත ගත කරන්න බෑ. මොනයම් හේතුවකින් මගේ මේ විවාහය අසාර්ථක වුණොත් මම ආයෙනම් ජීවිතේට කසාද බදින්නෙ නෑ….”

image 125