උණුසුම් පුවත්
Search
piumi 1 1

“වැරැද්දක් හදාගන්න තිබ්බොත් කරන එකම දේ තමයි විවාහ නොවී ඉන්න එක” – පියුමි බොතේජු

98

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ සිය ජනප්‍රියත්වය එකම ලෙසින් රදවාගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියන්නේ.

ඇත්තෙන්ම මීට වසර ගණනාවකට පෙරදී සිය කලා කටයුතු ආරම්භ කළ ඇය මේ වෙද්දී රටම ආදරය කරන චරිතයක්.

කොහොම වෙතත් විවිධාකාර චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇයට ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු ‘පබා’ ටෙලි නිර්මාණයේ හිමාලි කියන චරිතය ඔස්සේ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

image 405

ඒ විතරක් නොවෙයි මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය අපට විකට චරිත ඔස්සේ ද විටින් විට දැකගන්නට ලැබෙනවා.

ඒ කොහොම වෙතත් මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන‘ මීනු ‘ ටෙලි නිර්මාණය ඔස්සේ සහ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘ බන්ධනා ‘ ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

ඇත්තෙන්ම පියුමි කියන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ කා සමගත් සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්.

image 402

ඒ වගේම තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිමයෙන්ම සාධාරණයක් ඉටුකරමින් කලා ක්ශේෂ්ත්‍රයේ දිගු ගමනක් යන කෙනෙක්.

කලා ක්ෂේත්‍රය තුළ ඇය ලගින්ම ඇසුරු කරන අඹ යාලුවෝ තිදෙනෙකු ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක ඇවිදින්න යනවා කියලයි පියුමි කියන්නේ.

ඒ කොහොම වෙතත් පියුමි මේ වන විට සිය දෙමාපියන් තමයි ජීවත් වෙන්නේ.

image 404

මේ අතර ඇය ඇගේ ජීවිතේ වෙනස් කරන්න වුනොත් වෙනස් කරන දේ විදියට කිව්වේ ඇගේ විවාහය කියලයි.

විවාහ නිසා ජීවිතයේ සමහර තැන් බිඳ වැටුණු ඇය පහුගිය දවසක ඇගේ පවුල් ජීවිතය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම මගේ ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට වැරැද්දක් හදාගන්න තිබ්බොත් කරන එකම දේ තමයි, විවාහ නොවී ඉන්න එක. ඒ තරමටම මම අකමැතියි. මම මට පවුල් ජීවිතේ ආපු ප්‍රශ්නත් එක්ක ගොඩක් ඉවසුවා. ඉවසලා ඉවසලා බැරිම තැන ජීවිතේ නැති කරගන්න පවා ගියා…. නමුත් මම අද ඉන්න එක ගැන අපේ අම්මයි තාත්තයි සතුටින් ඉන්නවා. මම අම්මලා එක්ක අද ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා…..”

image 403

ඒ විදිහට තමයි ඇය ඇගේ පවුල් ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.

ඉතින් පෞද්ගලික ජීවිතය ඒ විදියට කඩා වැටෙද්දී ඇය වෘත්තිමය ජීවිතය පැත්තෙන් අපුරු ගමනක් යනවා.

image 406



Leave a Reply

Your email address will not be published.