උණුසුම් පුවත්
Search
bus fees

”අවස්ථා 02කදී වැඩි කළ බස් ගාස්තු අඩු නොකළොත් අධිකරණයට යනවා” – සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

276

අවස්ථා 02කදී වැඩි කරන ලද බස් ගාස්තුව අඩු නොකරන්නේ නම් සහ බස් ගාස්තු මිල සූත්‍රය හෙළිදරව් නොකරන්නේ නම් ලබන සතියේ සමස්ත මගී ජනතාව සමග සහනය පතා අධිකරණයට යන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ සභාපති විමුක්ති දුෂාන්ත ඊයේ (21) පැවසුවා.

බස් ගාස්තු සංශෝධනය විද්‍යාත්මක පදනමක් යටතේ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙවැන්නක්,

”කොරෝනා කාලයේ බස් ගාස්තුව වැඩි කළා. ඊට පස්සේ දැන් ඉන්ධන මිල වැඩිවුණා කියලා බස් ගාස්තුව වැඩිවුණා. මගී ජනතාව දැන් මේකෙන් බැට කනවා. අවම බස් ගාස්තුව 30ක් කරන්න කිව්වත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇහුවේ නැහැ. කොන්දොස්තරවරුන් රුපියල් 10, 5, 2 ඉතිරි මුදල් දෙන්නේ නැහැ…. ජාතික ගමනාගමන කොමිසමේ බස් ගාස්තු සංශෝධනය අපි පිළිගන්නේ නැහැ. බස් සංගම් කෑ ගහන සැරේට බස් ගාස්තු වැඩි කිරීම අසාධාරණයි…. අපි කියන්නේ අර මොරටුව විශ්ව විද්‍යාලය සකස් කළ බස් ගාස්තු මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කියලයි. මගියාගෙන් මුදල් හූරාගෙන කෑම නතර විය යුතුයි.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *