උණුසුම් පුවත්
Search
milan

”තේරුම් නොගන්නා කෙනෙක් වෙන් වෙනවා නම් ඒක අහිමිවීමක් නෙවෙයි” – මාධවීගෙන් වෙන් වුණු මිලාන් කියන කතාව

879

මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් ලෙස හදුන්වන්න පුළුවන්.

image 149

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා. කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ. පසු කාලීනව ඇයට ඇයව තේරුම් ගත්තු ආදරණීය හදවතක් මුණ ගැසුණා. ඔහු නමින් මිලාන් සිල්වා. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් රැකියාවක් කරන තරුණයෙක්. මාධවීගේ පලවෙනි විවාහ ජීවිතය අසාර්ථක වීමෙන් පස්සේ ඇය නැවත සම්බන්ධතාවයක් ගැන හිතන්න නැති කාලෙක තමයි ඔහු ඇයගේ ජීවිතයට එන්නෙ.

image 144

කෙසේ නමුත් මේ දෙදෙනා කතාබහ කරලා අවසානයේ තීරණය කරනවා එකට ජීවත්වෙන්න, නැවත වතාවක් විවාහ වෙන්න. ඒ වන විටත් දෙදෙනාටම ආදරය ගැන විවිධ අත්දැකීම් තිබුනත් නැවත වතාවක් මේ දෙන්නා දෙපැත්තකට වෙන්න සූදානමින් කල් ගත කරනවා කියලා තමයි වටින් ගොඩින් ආරංචි වෙන්නේ.

image 146

මිලාන් සහ මාධවී දික්කසාද වෙලා කියලා මේ වෙද්දි කතා පුවත් නිර්මාණය වෙලා අවසන්. ඒ සම්බන්ධයෙන් මාධවී ප්‍රකාශයක් කරා කියලත් සඳහන් වෙනවා. කෙසේ නමුත් මිලාන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම තුළ මාධවී පිළිබඳව සෘජුව කිසි දෙයක් සඳහන් කරලා නැහැ.

image 145

නමුත් ඔහු පසුගිය දවසක හරි අපූරු පෝස්ට් එකක් තමන්ගෙ ෆේස්බුක් ගිණුම තුළ පළ කරලා තිබුණා.

image 148

ඔහු පළ කර ඇත්තේ පහත ආකාරයේ සටහනක්.

“මම දන්නවා වෙන්වීමේ දුක. නමුත් ඔබව තේරුම් නොගන්නා කෙනෙක් ඔබෙන් වෙන් වෙනවා නම් ඇත්තටම ඒක අහිමිවීමක් නොවෙයි”

image 147