සුමනා ගෝමස් කියන්නේ ලංකාවේ ”වැඩිහිටියන්ට පමනයි” සිනමා නිර්මාන වලට බය නැතිව රංගනයෙන් එක් වූ නිළියක්. මේ වෙද්දී ඇමරිකාවේ ජීවත් වන ඇයට තිබෙන රසික ඉල්ලුම නම් තවමත් අඩු වී නැහැ…… විමලනාත් දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද 1978 කුණ්ඩල කේශි චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ඇය තරුණ වියේදී සිය රංගන ජීවිතය ආරම්භ කළා.
වසර 30ක් පුරා දිවෙන ඇයගේ සිනමා ජීවිතයේ ප්‍රධාන දාරාවේ සිනමාපට 35කට පමන රංගනයෙන් දායක වී තිබෙනවා. ඇයට වඩාත්ම රසික ආකර්ශනය හිමි වී තිබෙන්නේ ඇගේ වෛරය, කාමසූත්‍රය, රාගයේ උනුසුම, උනුසුම් රාත්‍රිය වැනි වැඩිහිටියන්ට වඩාත් සුදුසු වූ සිනමාපට හරහායි. එකල තරුණ පිරිස් ඇයගේ ඡායාරුප පවා එකතු කිරීමට පවා ලොල් වී ඇත්තේ මෙවැනි සිනමා නිර්මාණ වලට රංගනයෙන් එක් වීම හරහායි.
80 සහ 90 ගණන් වලදී ගෝමස් සරසවිය, ආරාධනා, සරසි, තරුනය, තිරතරු, මල්සරා වැනි පුවත්පත්වල කවරයේ ඡායාරූප තවමත් රසිකයින් ලඟ ඇත්තේ ඇයට තිබෙන ආකර්ශනය නිසාවෙන්. කොහොම වුණත්, පසු කලෙක අමරිකානු ජාතිකයෙකු සමඟ විවාහ දිවියට එළඹෙන සුමනා ගෝමස් දැන් ඉන්නෙ එක්සත් ජනපදයේ.
ඇය එක්තරා අවස්ථාවක පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් මාධ්‍යවේදීයා නැගූ ප්‍රශ්නයකට මෙලෙස උත්තර ලබා දී තිබුනා.
මාධ්‍යවේදියා – ඔබ ගැන කවුරු මොනවා කීවත් එක්තරා යුගයක තරුණයන්ගේ සෙක්ස් ඇරියස් යවාගන්න ඔබේ චිත්‍රපට බලන්න ගියා…. ඔබේ පෝස්ටර් කාමරයේ ගසාගෙන හිටියා. ඒක නේද ඇත්ත?
“මගේ ෆිගර් එකට ආස ගොඩාක් අය හිටියා….. හමුදාවේ තරුණයන් අතර මම බොහොම ජනප්‍රිය වෙලා හිටියා…. මගේ පින්තූරයක් පත්තරේක ගියත් ඒ පත්තරයක් හොයාගන්න බැරි තැනට විකුණුනා…. ඒ නිසා තරුණ අය එහෙම වුනා කියන එක පිළිගන්න පුළුවන්. ඒ වකවානුවේ මම නිසා එක්කෙනෙක් හරි සතුටු වුනා කියනවා නම් මට ඒක ලොකු පිනක්…..”