උණුසුම් පුවත්
Search
geetha

”පාර්ලිමේන්තු එන්න ඕන නම් ද්විත්ව පුරවැසිභාවය අයින් කර ගෙන එන්න” – ගීතා කුමාරසිංහ

153

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කළ දිනයේ තමා ඊට ඡන්දය නොදී පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා සිටියා යැයි රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) කියා සිටියා.

තමන් එදින පාර්ලිමේන්තු පැමිණිය ද ඊට පක්ෂව අත එසවීමට ක්‍රියා නොකළ බවද කී ඇය එහෙත් එදින තමන් කොහේ දැයි කියා මහින්දානන්ද ඇතුළු පිරිසක් සොයා බලා තිබූ බව ද කී ඇය එහෙත් ඊට පසුව 20 වැනි සංශෝධනයට ඡන්දය නොදීමේ ‘රිටන් එක’ පසුව තමාට ලැබුණු බව ද කියා සිටියාය.

ඒ අනුව එදා පනස් දෙදෙනකුට නියෝජ්‍ය, රාජ්‍ය ඇමැතිකම් ලැබෙද්දී 53 වැනියා වූ තමාට කිසිදු ඇමැති ධුරයක් නොලැබුණු බවත් ඇය සඳහන් කළාය.

ද්විත්ව පුරවැසි භාවය සහිත අයකුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි ලෙස ගෙන එන 22නි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නොබියව අත ඔසවා එය සම්මත කිරීමට සිය ඡන්දය ප්‍රකාශ කරන බව ද ඇය කීවාය.

තමන් පාර්ලිමේන්තු පැමිණීම සඳහා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනිමින් පැමිණි ආකාරයටම ද්විත්ව පුරවැසිභාවය සහිත අයකුට එය ඉවත් කරගෙන පාර්ලිමේන්තු පැමිණිය හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Source – Divaina