උණුසුම් පුවත්
Search
Untitled design 14

” අම්මයි අප්පච්චි පුතේ කියනවා නම් හරි ආසයි ” – කාවිංග පෙරේරා

174

කාවිංග පෙරේරා කියන්නේ ක්ෂේත්‍රයේ ගොඩක් කල් ඉඳලා.. හැමෝම දන්න කියන චරිතයක්. නිවේදකයෙක් නළුවෙක් ලෙස ඔහු ශ්‍රේෂ්ත්‍රයේ කැපී පෙනෙන දස්කම් දක්වා තියෙනවා. වෛද්‍යවරියක් සමග විවාහ වී සිටින ඔහු වර්තමානයේ ප්‍රචලිත වන්නේ නිවේදකයෙකු ලෙසය. කලා කටයුතුවලට මේ දවස් වල වැඩිය දකින්න නැහැ.

317437145 686551176380923 4257564479232496024 n

බොහොම සරල ජීවිතයකට ආස කරන කාවිංග ජීවිත කාලය පුරාවටම පසුතැවෙන එක සිදුවීමක් තියෙනවා. ඒ තමා ආදරණීය අම්මයි තාත්තයි මේ ලෝකෙ අත හැරලා යාම. කාවිංගගේත් ඔහුගෙ සහෝදරියගේ මංගල උත්සව වලට ඔවුන්ගේ දෙමව්පියන් හිටියේ නැහැ. ඒක ඔවුන් දෙන්නටම ජීවිතය පුරාවටම විදින්න උණ. අවාසනාවන්ත සිදු වීමක්. සංවේදී අවස්ථා පිළිබඳ ඔහු එක්තරා වැඩසටහනකට ඇවිල්ල කිව්වේ මෙන්න මෙහෙම කතාවක්..

312884906 670798201289554 2204326094175864878 n

ජිවිතෙ අපිට කොච්චර යාලුවෝ හිටියත් අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි ජීවිතයේ දුක කියන එක එතරම් ෆිල් වෙන්නේ නැහැ. බොහෝ රූපවාහිනී වල ජනප්‍රිය අයගේ අම්මලා තාත්තාලා ගෙනල්ලා කරන වැඩසටහන් තියෙනවා. මමත් නිවේදකයෙක් විදිහට ගොඩක් ආසාවෙන් හිටියා. මගේ අම්මා ගෙනල්ලා. ප්‍රෝග්‍රෑම් එක පැත්තකින් තියලා කතා කරන්න. තාත්තා ජීවතුන් අතර හිටියා නම් fathers day දවසට තාත්තා ගෙනල්ල සප්‍රයිස් කරන්න තිබුණා. කමක් නෑ ජීවිතයෙ කවදහරි දවසක අම්මයි තාත්තයි හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ආසයි අම්මයි අප්පච්චියි එක දවසකට හරි මට පුතේ කියලා කතා කරනවා නම්.ළඟට යන්න.. මගෙ නංගියි. මහත්තයයි රට ගියා… මනුස්සයෙක් තනි වෙන්න ඕන ජීවිතයෙ තනිකම හිතට දැනෙන්න.

311367332 656386252730749 968613308346599981 n