උණුසුම් පුවත්
Search
dinakshie

”මට ගැළපෙනවා නම් ඕනම ඇඳුමක් මම දෙපාරක් හිතන්නෙ නැතුව අඳිනවා” – දිනක්ෂි ප්‍රියසාද්

633

අපේ රටේ රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු ඇය ප්‍රියසාද් පවුලේ ආදරණීය වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද්. ඇය ගැන කතා කරද්දි සමාජ මාධ්‍ය නිසා බොහෝ සෙයින් ප්‍රකට චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම ඇය කාලයෙන් කාලයට පුවත් මවන්නියක් ද වෙලා.

May be an image of 1 person and smiling

මේ දිනවල විකාශය වන විසල් ආදරය කියන චිත්‍රපටිය තුලත් දිනක්ෂි බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයක් නිරූපණය කරනවා. ඉතින් ඒ චරිතයටත් බොහෝ දෙනෙක්ගේ ආදරය හිමි හිමි වෙලා මේ වෙද්දී මේ චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා කියලත් ආරංචියි…..

No photo description available.

ඒ වගේම තමයි පසුගිය දවසක දිනක්ෂි සහභාගී වූ වැඩසටහනක් සඳහා ඇය ඇඳපු ඇඳුමක් ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා. ඒ ඇඳුම සංස්කෘතියට ගැලපෙන්නෑ කියලත් සමහරක් දෙනවා කියන්න පටන් ගත්තා…. ඒ සියලුම අදහස් එක්ක ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී දිනක්ෂි කිව්වේ මේ වගේ කතාවක්…..

May be an image of 1 person and smiling

“එතැනදි මම කරන චරිතයට මම සාධාරණයක් කරන්න ඕනෑ. එතැනදි මගේ සීමාවන්ට අනුව මට ගැළපෙනවා නම් මම ඒ ඇදුම අඳිනවා……. ඒ වගේම මගේ වයසත් එක්ක, මට ගැළපෙනවා නම් මම දෙපාරක් නොසිතා ඒ ඇදුම අඳිනවා. මම ඉන්ස්පයර් වෙලා තිබෙන්නේ මගේ අම්මාගෙන්….. පොඩි කාලේ ඉඳලම මම දැක්කේ මගේ අම්මා හරිම ලස්සනට අඳින විදිය. ඒ වගේම තමන්ගේ වයසට, විශේෂයෙන්ම ඇඟට ගැළපෙනවා නම් ඕනෑම කෙනෙක්ට ඕනෑම විලාසිතාවක් කරන්න පුළුවන්…..”

No photo description available.

May be an image of 1 person and smiling