උණුසුම් පුවත්
Search
gayan

”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන

1236

ගයාන් ගුණවර්ධන කියන්නේ කලාවට ඕපපාතික චරිතයක් නෙමෙයි. ඉපදෙනකොටම පිය උරුමයෙන් මිහිරි කටහඬක් හිමි ගායනයේ දක්ෂතා රැගෙන ආ ඔහු, ඔහුගේ දක්ෂතාවයෙන් රංගන, නිවේදන හැකියාව ඔපමට්ටම් කරගත් චරිතයක්. කලා ජීවීතේ වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් ඔහු සමඟ කළ සාකච්ඡාවකින් උපුටා ගත්ත කොටසක් තමයි මේ.

ගායකයෙක් විදිහට සමාජගත වුණු ගයාන් දැන් නළුවෙක් හා නිවේදකයෙක් විදිහට තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ, ඒ ඇයි ..?

ගායකයාව අමතක කරලා නෙමෙයි. රංගනයට සම්බන්ධ වුණේ 2016 වර්ෂයේ වුණාට මම මුලින්ම ගීතයක් සමාජගත කරන්නේ 2008 වර්ෂයේ. ඊට පස්සේ වැඩිපුර කාලයක් රංගනයට වගේම නිවේදනයට යෙදෙව්වා. ඒ නිසා ගීත කරන්න බැරි වුණා….

image 174

මේ වෙද්දී ටෙලි නාට්‍ය අටක් කරලා තියෙනවා. ඉන් හතරක් විකාශය වීමට නියමිත ඒවා.

අලුත් ගීත ජනගත කරන්න අදහසක් නැද්ද..?

දැන්නම් ගීත එළිදක්වන්න හොඳම කාලය කියලා හිතනවා. මේ වෙද්දී ගීත තුනක වැඩ කටයුතු කරමින් යනවා. මේ මාසේ ගීතයක් කරනවා. ඒ ගීතයට රූප රචනාවක් කළා. ඒකේ මාත් එක්ක ඉන්නේ පූජනි භාග්‍යා. ඊට අමතරව කරන ගීත දෙක සැප්තැම්බර්, ඔක්තෝබර් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

image 175

සංගීත කණ්ඩායමේ වැඩකටයුතු කොහොමද..?

රෝඩ්ස් තමයි නම. මනුජ, ශම්මි, සෙව්නෙත්, රෙහාම්, දසිත්, ඉදුවර,සචින් තමයි සාමාජිකයින්.මෙයාලා දක්ෂයි. විවාහ මංගල උත්සවවලට අපේ සංගීත කණ්ඩායමට ආරාධනා ලැබෙනවා. ඒ වැඩත් කරගෙන යනවා.

ඒ වගේම මම ශබ්ද පරිපාලන ඉංජිනේරුවරයෙක් හැටියටත් කටයුතු කරනවා. මට නුගා කියලා ශබ්දාගාරයක් තියෙනවා. ඇකඩමියක් තියෙනවා…. එහි වැඩත් කරනවා.

image 172

මේ දවස්වල ආදරේ විඳිනවා කියලා ආරංචියක් තියෙනවා ..?

ආදරේ විඳිනවා. අම්මා තාත්තාගෙන් විතරක් නෙමෙයි රසිකයින්ගෙන් පවා ආදරේ විඳිනවා. විරහවත් උපරිමයෙන් විඳලා තියෙනවා. විරහව විඳලා නැති කෙනෙක් නැතුව ඇති මේ ලෝකේ.

image 171

පූජනී භාග්‍යා එක්ක තියෙන සම්බන්ධය විශේෂ එකක් නේද..?

මගේ ජීවිතේ සාර්ථකත්වය අරන් ආව කෙනෙක් තමයි පූජනී කියන්නේ. මගේ කලා ජීවිතයේ සමීපම කෙනා එයා. මගේ අදහස් වලට එයාගේ අදහස් ගැළපෙනවා. ඒ වගේම මගේ හොඳම මිතුරියත් සහෝදරියත් එයා තමයි.

image 176

ඒ තරම්ම හොදින් ගැළපෙන කෙනෙක් විවාහ ජීවිතයට නොගැළපෙන්න විදිහක් නැහැ නේද.?

විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා. 2019 වර්ෂයේ හුස්මක් තරමට නාට්‍යයේදි තමයි එයාව ආශ්‍රය කරන්න ලැබෙන්නේ, එයා ඒ දවස් වල මට කිව්වා ආයෙමත් ගීතයක් කරන්න කියලා. ඒ විදිහට කරපු ගීතයක් අතිශය ජනප්‍රිය වුණා. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ ඒ ගීතය. ඒ නිසා පූජනී මට විශේෂ කෙනෙක්… ඒ වගේම එයා නිතරම මාව මෝටිවේෂන් කරන කෙනෙක්, මගේ කලා ජීවීතයට.

image 170

මවුපියන් කියන්නේ නැද්ද කලවයස හරි දැන් විවාහ වෙන්න කියලා ..?

තවම නෑ. මගේ තාත්තා මට වයස අවුරුදු 10දී තමයි අන්තිමට මට ගහලා තරවටු කරලා තියෙන්නේ. එදායින් පස්සේට මට අතක් උස්සලා ගහලා නැහැ. වැරදි කරලා හරි, හරි මඟ මටම තනියම හොයා ගන්න කියලා තමයි කියලා තියෙන්නේ…. වැරැදුණූ තැන් තිබ්බා. නමුත් මට මගේ ගමන යන්න ඉඩ දීලා තියෙනවා.

image 173



Leave a Reply

Your email address will not be published. Required fields are marked *