උණුසුම් පුවත්
Search
nimmi

”මම හොයන ජාතියේ කෙනෙක් හම්බුණොත් ඉක්මනටම විවාහ වෙනවා” – නිම්මි මනෝහාරී

151

පහුගිය කාලයේ ලංකාවේ වැඩිම ප්‍රේක්‍ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ඉතින් මේ නාඩගම් කාරයෝ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත නවක රංගන ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී.

image 188

ඒ නාඩගම්කාරයෝ නාට්‍යයේ මාස්ටර් මහත්තයාගේ පොඩි දුව පොඩ්ඩි විදියට. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදර කරන නිම්මි මනෝහාරී සමගයි.

image 186

ඉතින් නිම්මි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ?

”මගේ පලවෙනි ටෙලිනාට්‍ය වෙන නාඩගම්කාරයෝ ඉවර වුනා, දැන් කලාවට සම්බන්ධ පොඩි පොඩි වැඩ ටිකක් කරෙන යනවා…. මට තව ටෙලිනාට්‍ය වලට ආරාධනා ලැබුනා… ඒ දේවල් ගැනත් පොඩ්ඩක් අවධානය දීගෙන ඉන්නවා…..”

image 187

නිම්මි ඔයාට වැඩිපුර නිරූපන කටයුතුවලට ආරාධනා ලැබෙන්නේ ඔබේ තියෙන ගැමි පෙනුම නිසාද..?

”මෙහෙමයි… මම සාමාන්‍යයෙන් නිරූපන කටයුතු වල ගොඩක් නියැලෙන්නේ නෑ, මම මේ වෙනකන් නිරූපිකාවක විදියට සම්බන්ද වුනේ බොහොම පොඩි ෂූට් ප්‍රමාණයකට පමණයි,

image 192

ගොඩක්ම ආරාධනා වෙන්නේ උඩරට මනාලියක් විදියට සැරසෙන මංගල පොටෝ ෂූට් වලට, එකට හේතුව මගේ පෙනුම සහ මම නුවර නිසා වෙන්න ඇති, හැබැයි මම උඩරට මනාලියක් විවිදිය අඳින්න මම කැමති නෑ, ඒක මාරම කට්ටක්, ඉතින් මම මට පුළුවන් විදියට තෝරාගෙන තමයි පොටෝ ෂූට් වලට සම්බන්ද වෙන්නේ…”

image 190

නිම්මි දැන් විවාහ වෙන්න කාලය හරි නේ?

”ඔව්… කාලයනම් හරි… ඒත් තාම මම තනිකඩයි, ඉතින් මට ගැලපෙන මට ආදරේ කරන කෙනෙක් ලැබුනොත් මම ඉක්මනටම විවාහ වෙනවා…. හැබැයි එයා මම හොයන ජාතියේ කෙනෙක් වෙන්න ඕන, මොකද විවාහය කියන්නේ ගොඩක් සංකීර්ණ බැඳීමක්… ඉතින් ඒ බැඳීම කාලයක් ගිහින් නැතිකරගන්න මම කැමති නෑ…. ඒ නිසා මට ඕන හැමදාම මගෙත් එක්කම ඉන්න කෙනෙක් නිතරම මගේ ලඟින් ඉන්න කෙනෙක් ඉතින් ඒ වගේ කෙනෙක් ලැබුනොත් මම ඉක්මනින්ම විවාහ වේවි”

image 189