උණුසුම් පුවත්
Search
shehani

”හොඳ කෙනෙක් නොලැබුණොත් මම අම්මා බලාගෙන තනියම ඉන්නවා” – ෂෙහානි කහඳවල

144

ෂෙහානි කහඳවල කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයට ඇවිත් බොහොම පොඩි කාලයක් ඇතුලට ලංකාවේම තරුණ තරුණියන්ගේ ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. කලා ක්ෂේත්‍රය තුල ෂෙහානි කහඳවල නිරූපන ශිල්පිනියක විදියටත් ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේම තමයි ඇයට සමාජ ජාලා හරහාත් විශාල ප්‍රේක්ෂක රසික පිරිසක් ඉන්නවා….. පුංචි තිරයේ ඉන්න හැඩකාර, දඟකාර වගේම හුරතල්ම රංගන ශිල්පිනිය විදියත් ෂෙහානි හඳුන්වන්න පුළුවන්. මේ කතාබහ බොහෝ දෙනා ආදරය කරන ෂෙහානිත් සමඟයි.

image 70

ෂෙහානි කාලෙකට එක නාට්‍යයක රඟපාලා ගොඩක් ලොකු නිවාඩුවක් අරගෙන තමයි ආයේ රඟපාන්න පටන් ගත්තේ, ඇත්තටම ෂෙහානිගේ වෘත්තීය රංගනය නෙවෙයිද..?

”මෙහෙමයි…. ඒක ගැන මට හරියටම කියන්න බෑ, මොකද මම රංගන දායකත්වය දෙන නිර්මාණ වලට මම මුදලක් අය කරනවා… හැබැයි මම වෘත්තීමය රංගන ශිල්පිනියක් නෙවෙයි… මොකද මම රංගන මතම යැපෙන කෙනෙක් නෙවෙයි, ඇත්තම කියනව නම් මම රඟපාන්නේ ආසාවට සහ මම ඒකට දක්ෂ නිසා… නර්ථනය, රංගනය කියන දේ පොඩි කාලේ ඉඳලම මගේ ඇඟේ තියෙන කෙනෙක්….”

image 68

ෂෙහානි ආදරය කියන දේ දකින්නේ කොහොමද..?

”ආදරය කියන දේ හරිම සුන්දරයි, කොහොමටත් තවම මම පෙම්වතියක් නෙවෙයි….. මම මගේ අම්මව බලාගෙන අම්මගේ ආදරේ විඳගෙන ඉන්නවා, එහෙමයි කියලා මට හැමදාම මෙහෙම ඉන්න බෑ, මමත් ආදරවන්තයෙක් හොයාගන්න ඕන…. මාව ආදරෙන් බලාගන්න පුළුවන්, මට ගෞරව කරන ඒ වගේම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි මම හොයන්නේ, ඒ වගේ කෙනෙක් ලැබුනොත් මම විවාහ වේවි, නැත්තන් මම අම්මත් එක්ක මෙහෙම ඉන්නවා….”

image 69

ඔබට අද ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?

”මම මේ ක්ෂේත්‍රයට ආව කාලේ ඉඳලා අද වෙනකන්ම මගේ වටේ ප්‍රේක්ෂකයෝ රැසක් එකතු වෙලා හිටියා, ඒ අය මාව ගොඩක් ආදරයෙන් වැළඳ ගත්තා…. ඇත්තටම ඒකට ගොඩක් ස්තුතියි.. ඒ නිසා තමයි මට මේ වගේ ගමනක් එන්න පුළුවන් වුණෙත්. ඒ වගේම තමයි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මට ලබාදෙන හැම ප්‍රතිචාරයකටම මම ගරු කරනවා, මොකද ඒ අය තමයි මගෙත් එක්ක ඉඳගෙන හැමදාම මාව ධෛර්යමත් කලේ….”

image 71