උණුසුම් පුවත්
Search
nehara

”මට පුළුවන් නම් මට ඇත්තටම මං ළමයි 10 දෙනෙක් හදනවා” – නෙහාරා පීරිස්

475

නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂගේ ආදර කතාව ගැන ලංකාවේ කලා ලෝකයට ආදරය කරන කෙනෙක් නොදන්න තරම්.

ඔවුන් දෙදෙනා විවාහ පත් වෙන්නේ 2014 වසරේ දී.

ඉන් පසුව ඔවුන් දෙපළගේම ලොකුම සහ එකම හීනයක් වෙලා තියෙන්නේ ආදරණිය පුංචි දරු සුරතල් බලන එක.

නමුත් පසු කාලයේදී අමෙරිකාව බලා යනඔවුන් ඒ හීනය හැබෑ කරගන්නේ මීට වසරකට පමණ පෙරයි.

දැන් ඔවුන්ට අවුරුද්දක් වයස පුංචි දියණියක් ඉන්නවා.

ඇගේ නම මේලි නිකොලා රාජපක්ෂ.

image 73

ඉතින් මෑතක දී නැවතත් නෙහාරා මවු පදවිය ලබන්න සූදානම් බව අපිට දැනගන්න ලැබුණා.

image 71

මේ ගැන මේනක තහවුරු කර තිබූ අතර පසුව නෙහාරා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප කීපයක් පළ කරමින් අපූරු සටහනක් ලියා තිබුනා. එය පහත දැක්වෙනවා.

“මම ගැබ්ගෙන සිටින විට තරම් අන් කිසිම විටෙක සතුටු නොවෙමි. මට පුළුවන් නම් මට ඇත්තටම ළමයි 10 දෙනෙක් හදනවා” යනුවෙන් එහි සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් මීට පෙර නෙහාරා සඳහන් කර සිටියේ පළමු දරුවා ඉපදුනාට පසු දෙවෙනි දරුවා පිළිසිඳ ගැනීම ගැන ඔවුන් පෙර සූදානමින් සිටි බවයි.

නෙහාරා කියන්නේ දරුවන්ට තමන් සෑහෙන්න ආදරය කරන බවයි.

එමෙන්ම ඇය අමෙරිකාවේ කාලය ගත කරන අවධියේ රැකියාවක් කර තිබුණේ ද පෙර පාසල් දරුවන් වෙනුවෙනි.

image 70
image 72



Leave a Reply

Your email address will not be published.