උණුසුම් පුවත්
Search
damitha

“අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුනොත් මගේ ජීවිතය සම්පූර්ණයි” – දමිතා අබේරත්න

254

දමිතා අබේරත්න කියන්නේ අපේ ටෙලි නාට්‍ය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙච්ච ආදරණීය කලාකාරිනියක්. ඒ වගේම ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

පසුගිය කාලසීමාවේදී දමිතා පිළිබඳව නැවත වතාවක් ආයෙත් කතා කරන්න පටන් ගත්තා. ඒකට හේතුව ඇය පසුගිය කාල සීමාවේ රට තුළ නිර්මාණය වූ අරගලයේ ප්‍රධාන සාමාජිකාවක් ලෙස කටයුතු කළ නිසයි. ඉන් අනතුරුව දමිතා දේශපාලන වේදිකාවටත් ගොඩ වුණා.

Untitled%20design%20 %202023 08 14T085030.966

මේ කියන හේතු කාරණා රැසක් නිසාම බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙච්ච චරිතයක් බවට පසුගිය කාලසීමාව පුරාවටම ඇය පිළිබඳව කතා වෙන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් දන්නවා දමිතාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කරද්දි ඇය විවාහ වුණේ යෞවන විය ඉක්මවා මැදි වියට ආවට පස්සෙ. ඇයගේ කේන්දර තිබ්බලු ඇයට විවාහ ජීවිතයත් සාර්ථකව ගත කරන්න බැහැ කියන දේ….. නමුත් අද ඇය විවාහ ජීවිතය තුළ ගොඩක් සතුටින්. හැබැයි ඇය පුංචි කාලේ නම් ආස කරනවා අම්මා කෙනෙක් වෙන්න. විවාහ වෙලා වසර ගණනාවක් ගත වුණත් තාමත් ඇයට ඒ සිහිනය ලඟා කරගන්න හැකියාව ලැබිලා නැහැ. එනිසාම ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී දමිතා කිව්වේ මේ වගේ කතාවක්….

“අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුනොත් මගේ ජීවිතය සම්පූර්ණයි…. මං ආදරයෙන් බලාපොරොත්තු වෙනවා. ඒක වෙයි කියලා හිතනවා. අම්මා කෙනෙක් වෙන එක තමයි පොඩි පොඩි කාලේ ඉඳංම තිබිච්චි ලොකුම හීනය…. ”

Untitled%20design%20 %202023 08 14T085000.036