උණුසුම් පුවත්
Search
ridma

”මම සින්ගල් මාම් කෙනෙක් වුණොත් දරුවා එක්ක තනි වෙනවා මිස අයාලේ යන්නෑ” – රිද්මා පිලපිටිය

117

රිද්මා පිලපිටිය යනු රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳයි. කාලයක් නිර්මාණ කටයුතු වලින් ප්‍රේක්ෂකයින් අතරට ආවත් පුතුගේ පැමිණීමත් එක්ක ඇය ක්ෂේත්‍රය තුළ වැඩිපුර දකින්න ලැබුණේ නෑ. කාගෙත් ආදරය දිනාගත්ත රිද්මා සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරී චරිතයක්. පසුගිය දවසක රිමා යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් මෙසේ හෙළිදරව් කළා.

”සිංගල් මාම්” කන්සෙප්ට් එක ගැන රිද්මා කියන කතාව ?

ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඉස්සර හිටිය සිංගල් මාම්ලා හරි ගෞරවාන්විතව ජීවත් වෙනවා. දැන් ඉන්න අය ගැන නම් කියන්න බැහැ. මම හිතන්නෙ සිංගල් මාම් කෙනෙක් වුණාම ඇයට තියෙන වගකීම අඩුවක් නෑ. හැබැයි මම නම් කියන්න පුළුවන් තරම් තමන්ගේ පවුල රැකගන්න. මොකද ඔයාගේ දරුවට අම්මා වගේම තාත්තාත් වුවමනයි. ඒ අයිතිවාසිකම කවදාවත් නැති කරන්න එපා. සිංගල් මාම්ලා පොෂ් අය ඉන්නවා. එයාලා කරන දේ තමයි මම කිවේ. නැතුව අහිංසක අය ඉන්නවා. ට්‍රෙන්ඩ් එකට ඉන්න අයට මම කියන්නෙ මුරණ්ඩුකමට හස්බන්ඩ්ලා නැතිකරගන්න එපා.

image 59

රිද්මාටත් තනි මවක් වෙන්න වුණොත්..?

තනි මවක් වෙන්න වුණොත් දරුවගේ ගෞරවය ගැන හිතනවා විනා මම එතනින් එහාට හස්බන් ගොඩ නගා ගත්ත ගෞරවය, පවුලේ ගෞරවය ගැන හිතනවා මිසක තව තාත්තා කෙනෙක් නම් ගේන් නෑ. මට මගේ හස්බන් ආදරේ කරපු තරම් කිසිම කෙනෙක් ආදරේ කරන් නෑ. ඒ ආදරේ හොයන්නත් බෑ. ඒ කෙනාගෙන්ම ඒ ආදරේ වළ දාලා ගෞරවාන්විතව ජීවත් වීමයි හොඳ..

image 58

දෙවැනි පාර විවාහ වීම ගැන මොකද හිතන්නේ.?

ගොඩක්ම ලංකාවේ තමයි. ලංකාවේ කාන්තාවකට ගොඩක් දේවල් තියෙනවා සංස්කෘතිකමය වශයෙන්. පිරිමිත් කාන්තාව යූස් කරන්න බලනවා. දියණියක් ඉන්න මවක් නම්.. එයා බඳින්න හිතනවා නම් සිය පාරක්වත් හිතන්න වෙනවා. ඒ වගේ හින්දා ගැහැනියක්ට ලේසි නෑ. පිරිමියෙක්ට ප්‍රශ්නයක් නෑ.. කාන්තාවකට එහෙම පුළුවන් කමක් ඇත්තටම නෑ. කාන්තාව ආයෙ ආයෙ රැවටෙනවා. එහෙම දේවල් ඕන තරම් සමාජයේ දකින්න ලැබෙනවා.

image 55

රොෂාන් – රිද්මා ආදරේට මුලින්ම සමාජයේ බලපෑම? කටකතා? ඒවට මුහුණ දුනෙ කොහොමද ?

එදත් මං මේ වගේම හිනා වෙලා හිටියේ. අදත් එහෙමයි. මොකද ඒවාගේ බලපෑම් එල්ල කරපු දෙන්නා හෝ තුන්දෙනා… මැරි කරපු අලුත එහෙම සල්ලි දීලා ගොසිප් ගහන්න කියලා කපල් එකක් ගිහින් දෙනවා. අපි මේ ෆීල්ඩ් එකේ ඉන්න අයනේ. එයාලා අනිත් පැත්තට කියනවන්නේ. එහෙම කරලා ගොසිප් ගැහුවා. මටත් කිව්වා, මම මැරි කරලා දරුවෙක් ඉන්නවා කියලා ගොසිප් ගහලා තිබ්බා.

image 57

හස්බන්ට මට, මගේ පවුලටම මොන දේ කිව්වත් අපි දෙන්නාගේ ආදරේ බැඳීම හරි ශක්තිමත්. මට මතකයි ප්‍රසිද්ධ පුවත්පතකට කියලා තිබුණා අවුරුදු තුනක් වෙද්දි අපේ කසාදේ ඉවර වෙනවා කියලා. දැන් මේ අවුරුදු පහ ගතවෙන්නේ. හරි ආදරෙන් අපි ජීවත් වෙන්නෙ. ගොසිප් කියන්නෙ හුළගේ යවන්න ඕනි දේවල්. ක්ෂේත්‍රයේ ඉන්න හින්දනේ කතා.. සාමාන්‍යයෙන් ඉන්න අයටත් වෙනවනේ. ඒ දේවල් වුණත් ගණන් ගන්න එපා. තමන් හරි නම් වරදින්නේ නෑ. මඩ නෙවෙයි මොනා ගැහුවත් දිදුලනවා.

image 56