උණුසුම් පුවත්
Search
Untitled design 30

” එයා නොහිටියා නම් වෙන කෙනෙක් එක්ක මම ඒ දර්ශනය රඟපාන්නෙ නෑ ” – මාෂි සිරිවර්ධන

413

මාෂි සිරිවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න යුවතියන්ගෙන් ඉතාමත්ම සුරූපි සුන්දර යුවතියක්.ඇය විවාහ වී සිටින්නේ අප කවුරුත් දන්නා තරුණ තරුණියන් අතර වැඩිපුරම ජනප්‍රිය වී සිටින ආදරණීය දක්ෂ කලාකරුවෙක් වන පුබුදු චතුරංග සමඟයි.මේ වන විට ඉතාමත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඔවුන් සැබැවින් ම තරුණ පරපුරට ලබා දෙන්නේ මහත් වූ ආදර්ශයක්.ඉතින් මෙලෙස ආදරයෙන් සිය ජීවිතය ගෙවාගෙන යන මොවුන් දෙපළගේ මුල්ම හමුවීමත් හරිම සුන්දරයි.මාෂි සිරිවර්ධන පසුගියදා එක්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන් දෙදෙනාගේ නිර්මාණ කටයුතු පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.

304812398 612171216946678 253330898255995008 n

“මගේ පළමුවැනි නිර්මාණය තමයි news newspaper චිත්‍රපටය.ඒ වගේම තමයි චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරපු යුගාත්‍ර චිත්‍රපටයේත් මගේ දක්ෂතා දකින්නට පුළුවන්. කාලෙකින් චිත්‍රපටයක් සිනමාශාලාවල ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තේ. නිහඬ සෙවනැලි සිනමා නිර්මාණය එක පැත්තකින් හොරර් ගණයට අයත් චිත්‍රපටයක්. ඒ වගේම තාරුණ්‍යයට ආමත්‍රණය කරන සිනමා නිර්මාණයක් වගේම සමාජයට සොබා දහමට ආදරය කරන්න කියන පණිවුඩය ලබා දෙන ආදර්ශවත් සිනමා නිර්මාණයක්. ඒ නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

307158361 620743666089433 7093369757594163050 n

මුලින්ම නම් පුබුදු අයියා එක්ක රඟපාන්න කිව්වම පොඩි බයක් දැනුණා. මොකද ඔහු සිනමාව ගැන හොඳ පළපුරුද්දක් තියෙන වෘත්තීය රංගන ශිල්පියෙක් නිසා. හැබැයි එයා එක්ක වැඩ කළ හැමෝම වගේ කියලා තිබ්බේ පුබුදු අයියා එක්ක රඟපාන්න පහසුයි කියලා. ඉතින් මටත් හරි පහසු වුණා. හොඳ සහයෝගයක් ලබා දුන්නා. ගොඩක් ආසාවෙන් කරපු නිර්මාණයක්.

309635970 632942994869500 1417330231972287318 n

මේ සිනමා නිර්මාණයේ එක තැනකදී සිප වැලඳ ගැනීමක් තියෙනවා ඉතිං අපි දෙන්නම හිටිය නිසා තමයි ඒ අවස්ථාව අපෙන් ඇහුවේ. ඉතින් අපි කැමති වුණා. වෙන කෙනෙක් හිටියා නම් ඒ කොටස කෙරෙන එකක් නැහැ.

පුබුදු අයියා මගේ ගමනට ලොකු ශක්තියක් වෙලා තියෙනවා.මගේ ඉගෙනීම් කටයුතුවලට පවා කාලසටහන් පවා හදලා දෙනවා. ඒ නිසා හරි ලේසියි එයාව මට ලැබුණු එක.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ ඉදිරි නිර්මාණ කටයුතුවලට හදවතින්ම සුබ පතනවා.

311336584 644729843690815 1464988477297302814 n