පුංචි කාලේ ඉඳන්ම කලා ලෝකයත් එක්ක සම්බන්ධ වෙච්ච කලාවට ආදරේ කරපු තවත් සුන්දර කලාකාරිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය ළමා රංගන ශිල්පිනියක් විදිහට කලාවත් එක්ක සම්බන්ධ වුණ අතර ඒ වගේම නිවේදිකාවක් විදියටත් වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා හිටියා.
ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ගැන කතා කරද්දි ගොඩක් දෙනෙක් දන්නවා ඇය පසුගිය දවසක විකාශය අවසන් වුන මානික්කාවත ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා කියන්න. ඇත්තටම ඇය මේකේ නිරූපණය කර ඒ සම්මානනීය චරිතයක් කිව්වොත් නිවැරදියි. බොහෝ දෙනාගේ මතය වුණේ ගුණවතී කියන චරිතයට අනිවාර්යෙන්ම ඇය සම්මානයට පාත්‍ර වෙන්න ඕනි කියන දේ.

කොහොම නමුත් වොල්ගා ගැන කතා කථා කරද්දි අපි කොයි කවුරුත් දන්නවා ඇයගේ සෝචනීය අතීත කතාව. ඇය විවාහ වෙන්නේ ක්ෂේත්රයේම දක්ෂ රංගන ශිල්පියෙක් වෙච්චි හර්ෂණ බෙත්මගේ සමගයි. ඔහු සමග ඇය විවාහ වුණාට පස්සේ ටික කාලයක් යද්දි දෙන්නා තීරණය කරනවා මේ විවාහ ජීවිතයට සමුදෙන්න.

විවාහයට සමුදීලා අද වන විට වෝල්ගා තනිකඩ ජීවිතයක් ගත කරද්දී හර්ෂණ නැවත වතාවක් විවාහ ගිවිස ගත්තා. ඇත්තටම වොල්ගා කියන්නෙ ආයෙ ඇය කවදාවත් කසාද බඳින එකක් නැහැ කියලයි. නමුත් අම්මා කෙනෙක් වෙන්න ඕනෙ කියන චේතනාව ඇගේ හිතේ තව තියනවා කියන දේ ඇය සඳහන් කරනවා. ඉතින් එක්තරා යූටියුබ් වැඩසටහනකට සම්බන්ධ වෙලා වෝල්ගා ඇගේ ජීවිතය පිළිබඳ අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“මගේ ජීවිතය දාලා යන්න බැරි දේවල් ටිකක් තියනවා. මාගේ අක්කගේ ළමයි දෙන්නා දාලා යන්න බැහැ…. ඒ දෙන්නා සමහර වෙලාවට මට අම්මා කියලත් කියනවා. තාත්තයි අම්මයි දැන් වයසයි, ඒ නිසා ඒ දෙන්න දාලා යන්නත් බෑ. තව දාලා යන්න බැරි කෙනෙක් ඉන්නවා. ඇත්තටම මම ඒ නැති නැතිවෙච්චි ආදරේ හොයනවා…. ඒක නැති වුණේ අවුරුදු 04කට කලින්….. ඒ ආදරේ මම තවමත් හොයනවා. මම සාමාන්‍යයෙන් ආදරේ කරන විදිහ වෙනස්. මම ආදරේ කරන කෙනා කොහේ හරි බොහොම හොඳින් සැපෙන් ඉන්නවා නම් ඒ ඇති….”

ඉතින් ඇය අවසානයේ සදහන් කරා ගියපු අය අය ආවොත් ඇය බාර ගන්නෙත් නැහැ කියන දේයි.
