තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
එහෙක් තමා දිගටම දේශපාලනයේ රැඳී සිටින බව ද ඔහු කියා සිටිනවා.
හිටපු අගමැතිවරයා මෙසේ පැවසුවේ සන්ඩේ ටයිම්ස් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනුයි.
නායකත්වය දීමට තමා අවශ්‍ය ද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බාර යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා අවශ්‍ය නම් ඉවත් වීමට වුවත් සූදානම් බව ප්‍රකාශ කර සිටිනවා.
නීතිඥවරයෙකු හෙයින් තමාට උසාවි කටයුතු වල ද නියැලිය හැකි බව ඔහු පෙන්වා දී ඇති අතර රට හැර යද්දි තමා ගෙන් විමසා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂ හට රට හැර නොයන ලෙස දැනුම්දෙන බව ද මෙහිදී සඳහන් කරනවා.
ඔහු එහිදී මෙසේද සඳහන් කර තිබෙනවා,
“යන්නද කියලා එයා මගෙන් ඇහුවා නම්, මම කියනවා යන්න එපා කියලා. ගෝඨාභය දේශපාලනඥයෙක් නෙවෙයි…. රටේ සියලු ව්‍යසනයන්ට වගකිවයුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි. මා ඇතුළු පසුගිය රජයන් මේ සියල්ලටම පිළිතුරු දිය යුතුයි….
අවාසනාවකට ඔහු ක්‍රියා කළේ තමා විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මතයි…. ඒ නිසා ඔහුට දොස් පවරන්න බැහැ. ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී මනා පරිපාලන දක්‍ෂතාවක් පෙන්නුම් කළා.
ජනාධිපතිවරයා වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වුණා. ඔහු පෙර දැඩි මතධාරියෙක්. පසුව ඔහු මෘදු භාවයට පත් වුණා. ඔහු කළ දේ නොකළ යුතුව තිබුණා. ගෝඨාභය කියන්නේ දේශපාලනඥයකු නොවෙයි. ඔහු ඉදිරියේ ඇති කාර්යය නිවැරදිව අවසන් කළ යුතුව තිබුණා “
ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට සිටින හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ බව පැවසූ මහින්ද රාජපක්ෂ ඔහුට තමා සියලු සහය ලබා දෙන බව ද ප්‍රකාශ කර සිටියා.
මේ අවස්ථාවේදී රටේ ප්‍රශ්නය විසඳීමට සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බවත් සියලු දෙනා රට වෙනුවෙන් එක මතයක සිට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
සුජිත් හේවාජුලිගේ
Source – Lankadeepa