අද (05) පාර්ලිමේන්තුවේදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රටේ වර්තමාන තත්වය පිළිබඳව හෙළිදරව් කළ අතර ඉදිරි සැලසුම ද ඔහු ඉදිරිපත් කරනු ලැබුවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මීට වඩා හොඳ වැඩපිළිවෙලක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා හට මාස 6න් ආර්ථිකය ගොඩ ගත හැකි නම් ඔහුට ඉඩ දී ඉල්ලා අස්වීමට ද තමන් සූදානම් බව අගමැතිවරයා පැවසුවා.
ඔහු එහිදී කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා හට නොබෙල් ත්‍යාගය පවා හිමි කරගත හැකි බවයි.