උණුසුම් පුවත්
Search
danu

”මං පෙම්වතිය කරගන්න කැමති ශනුද්‍රි වුණාට බඳින්න කැමති දිනක්ෂි වගේ කෙනෙක්ව” – ධනු කියයි

146

වර්තමානයේ ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත් යූටියුබ් මාධ්‍ය තුළ ඉන්න කැපී පෙනෙන චරිතයක් තමයි ධනු ඉන්නසිත්තම්බි කියන්නේ.

ඇත්තෙන්ම ‘danuට කියන්න’ කියන යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහුට මේ වෙනකොට ඉහළ ජනතා ආදරයක් මෙන්ම ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා. ඒ බව නොරහසක්.

image 382

එදා ගුවන් විදුලියෙන් ආරම්භ කෙරුණු ඔහුගේ ඒ ගමන මේ වෙද්දී රුපවාහිනිය දක්වා ඇවිත් තිබෙනවා.

කොහොම වෙතත් ගුවන් විදුලියේ නිවේදකයෙක් වීමට ආසාවෙන් හිටපු ඔහු සාමාන්‍ය පෙළ කරල අවසන් වෙලා ඊට අයදුම් කරනවා. අනතුරුව ඔහු ගුවන් විදුලියේ නිවේදයකයෙකු ලෙස කටයුතු කරනවා.

image 376

කොහොම වෙතත් යාපනයේ උපන් මේ නිහතමානි තරුණයා හැම කලාකරුවෙක් කලාකාරිණියක් සමගම සුහදත්වයෙන් ගනුදෙනු කරන කෙනෙක්.

image 385

ඔහු ගැන කතා කරනවා නම් ඔහු නිරූපන ක්ශේෂ්ත්‍රයට එන්න ආසවෙන් හිටපු කෙනෙක්. ඒ නිසාවෙන්ම ශරීරය පවා කෙට්ටු කරගන්න ඔහු වෙහෙසෙනවා.

image 377

ඉතින් මේ වෙද්දී රටම දන්න හදුනන චරිතයක් වන ඔහු පහුගිය දවසක යු ටියුබ් මාධ්‍ය සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

image 379

එහිදී ඔහු කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

” මම මේ ක්ෂේත්‍රයේ පෙම්වතියක් කරගන්න කැමති කෙනෙක් තමයි ශනුද්‍රිව. ඉතින් මම මේක කිහිප තැනකදිම කියලා තියෙනවා…. නමුත් බදින්න කැමති දිනක්ෂි වගේ කෙනෙක්. දිනක්ෂි හොද අම්මා කෙනෙක්…. එයාගේ ඒ කොලිටිස් තියෙනවා. ඉතින් ශේෂාද්‍රිටත් කැමතියි….”

image 380

”මේ වෙනකොට චිත්‍රපට දෙකක විතර රගපාලා තියෙනවා. මට ටෙලිනාට්‍යය වලට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් මට ගැලපෙන චරිතයක් තවම ඇවිත් නෑ.”

image 383

”අපි ඉස්සර ගොඩක් දුප්පත්. ඇදක්වත් තිබුණෙ නෑ නිදාගන්න. ඒ මට අවුරුදු 16දී විතර. එක කාමරයක තමයි අපි හිටියේ. පොඩි කුස්සියක් තමයි තිබුණේ. මගේ ජීවිතේ මගේ වීරයා තමයි මගේ අම්මා….”

image 384

ඒ විදිහට තමයි ඔහු සිය ජීවිතයේ අත්දැකීම් ගැන අදහස් දක්වලා තිබුණේ.

ඉතින් මේවෙද්දී රටම හදුනන චරිතයක් බවට පත් මේ නිහතමානි තරුණයාගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

image 378



Leave a Reply

Your email address will not be published.