මීට කලකට ඉහතදී දෙරණ නාලිකාවේ විකාශය වූ මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය කාටත් මතක ඇති. ඉතින් ඒ ටෙලි නාට්‍යයේ නිල්නෙතු සහ පිනිමුතු යන චරිතයන් දෙකට පණ පෙවූ සුරූපී රංගන ශිල්පිනියන් දෙපල තමයි අනුෂ්කි සහ කණුෂ්කි කියලා කියන්නේ. ආදරයට කවුරුත් ඔවුන්ට කතා කරන්නේ අනූ සහ කණූ කියලා. ඉතින් රූප සුන්දරත්වයෙන් වගේම ගති ගුණ අතිනුත් ඔවුන් දෙදෙනාට තියෙන්නෙ සමාන වූ ලක්ෂණයන්. ඒ ගැන ඔවුන් බොහෝ සාකච්ඡා තුළ දී පවසා සිටින බව අප කවුරුත් දන්නා කරුණක්. ඉතින් අපට මේ සුරූපිනියන් දෙපළව ඔවුන්ගේම youtube චැනලය ඔස්සේ දැක බලා ගන්නට පුලුවන් වෙනවා. ඒ වගේම තමයි ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ත් අපට නිරන්තරයෙන් ම ඔවුන්ව දැක බලා ගන්නට පුලුවන් වෙනව.

ඉතින් අනුෂ්කි සහ කණුෂ්කිගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරනවා නම් ඔවුන් රංගන ක්ෂේත්‍රයට අමතරව නර්තන ක්ෂේත්‍රයටත් ඉතාමත් ම දක්ෂ වෙනවා. ඒ නිසාමයි උසස් අධ්‍යාපනය සඳහා ඔවුන් දෙදෙනාම නර්තන විෂය තෝරා ගෙන තිබෙන්නේ. ඉතිං ඔවුන්ගේ එකම හීනයක් ලු ඔවුන්ගේම කියා නර්තන පාසලක් ආරම්භ කිරීම. ඒ හීනය වෙනුවෙන් ඔවුන් ඉතාමත් ම වෙහෙස මහන්සි වී කැපකිරීම් කරන බව තමයි ඔවුන් නම් කියන්නේ. කොහොම නමුත් පසුගිය දවස් වල ඔවුන් දෙදෙනා ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. ඒ ඔවුන් දෙදෙනාගේ පෙම්වතුන් වන්නට සිටින අය ධනවත් අය විය යුතු යැයි ප්‍රසිද්ධියේ පැවසුව නිසයි. ඉතිං එයට බොහෝ රසික රසිකාවියන්ගේ නොයෙක් ආකාරයේ ප්‍රතිචාර ලැබී තිබුණු බව අපට දැකගන්නට පුළුවන් වුණා. ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියා විසින් අනුෂ්කිගෙන් තමන්ගේ පෙම්වතා ආකාරයේ තෑග්ගක් දෙනවාට කැමැති ද යන්න ඇසූ පැනයකට ඔවුන් දුන්නේ මෙවන් පිළිතුරක්.

” මට ගොඩක් දේවල් හිතෙනවා, එකක් කියලා හිතාගන්න බෑ හැබැයි මම කැමතිම BMW එකක් ලැබෙනවට, තව ගොඩක් දේවල් තියෙනවා. හැබැයි BMW එකක් තමයි කැමතිම” එම පැනයම කනුෂ්කිගෙන් ඇසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්. ” මම නම් එහෙම විශේෂයක් නෑ, මට දෙන ඕන දෙයක් මම ආදරෙන් බාරගන්නවා. හැබැයි අපේ පවුලට ගැලපෙන කෙනෙක් වෙන්නත් ඕන. ඒ වගේම සල්ලි හොඳට තියන කෙනෙක් වෙන්නත් ඕන. “ ඉතින් කොහොම නමුත් ඔවුන් සිතන පතන ආකාරයේ පෙම්වතුන් ඔවුන්ට මුන ගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
