උණුසුම් පුවත්
Search
samitha

”මම මගේ මුල්ම ෂෝ එකට ඇන්දේ චරිතා අක්කගේ සාරියක්” – සමිතා මුදුන්කොටුව

543

සංගීත කලාවට නැතුවම බැරි ගායිකාවක් විදියට කවුරුත් ආදරේ කරන අපූරු හඩක් හිමි ඇය නමින් සමිතා මුදුන්කොටුව යි. ඇය ගායනා කල ගීත අපේ ආදරණීය රසිකයින් ආදරයෙන් වැළදගෙන ඉන්න ගීතයන්. ඉතින් අතුල – සමිතා සුසංයෝගයෙන් නිමැවුණු ගීත අතර සද පානක් සේ ඇවිදින් ගීතයටත් අපේ රටේ සංගීතයට ආදරය කරන කොයි කවුරුත් ආසාවෙන් අහන ගීතයක්.

May be a closeup of 1 person and wrist watch

මේ වන විට නම් අතුලගෙන් වෙන් වුණු සමිතා, දුව කාවින්ද්‍යා සහ පුතු ශේන් සමගින් කාලයක් තනිකඩව ජීවත් වුණත් පසුව සමිතගේ ලෝකයට චිරන්ත එනවත් එක්ක ඒ ආදර කතාව හරි රහට ගෙතෙනවා. ප්‍රේක්ෂකයින්ගේ යහපත් – අයහපත් ප්‍රතිචාර මධ්‍යයේ මොවුන් ජීවත්වෙන්නේ කියලා නොදන්නා කෙනෙක් නැති තරම්.

May be an image of 1 person and outdoors

පෞද්ගලික ජීවිතේ එහෙම වුණත්, සමිතා මුදුන්කොටුව කියන ක්ශේෂ්ත්‍රයේ නමක් හදාගෙන ඉන්න ගායන ශිල්පිනිය ඇගේ සංගීත දිවියේ මුල්ම මතකයන් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

No photo description available.

”ඉස්සර මම ඉගෙන ගන්න කාලේ චරිතා අක්කයි එඩ්වඩ් අයියයි අපේ ගෙදර එනවා…… ඒ කාලේ චරිතා අක්කා ශෝ වලට සිංදු කියන්න එහෙම යනවා. මට ඉතින් මැජික් එකක් වගේ…… ඊට පස්සේ මටත් ඉර පායා සිංදුවෙන් පස්සේ ශෝ එකක් ආවා. මම මුලින්ම සාරියක් ඇන්දෙ චරිතා අක්කාගේ එකක්. එයාට ගොඩාක් සාරි තියෙනවා…..”

මේ විදියටයි සමිතා මුදුන්කොටුව අදහස් දක්වලා තිබුණේ.

No photo description available.