උණුසුම් පුවත්
Search
thrikala

”එයාලා ඉරිසියා කළා කියල මගේ මොනවත් නැතිවෙන්නේ නෑ” – රටේම අවදානය දිනූ ත්‍රිකලා ධරණී

298

පසුගිය දින කිහිපයේ කා අතරත් කතාබහට ලක්වූ ඇය හැමෝම අතර ජනප්‍රිය වෙන්නේ රෝස පාට රේන්ජ්රෝවර් එකක් තියෙන නිරූපන ශිල්පිනියක විදියටයි. හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න ඇය නමිත් ත්‍රිකලා ධරණී… නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන විදෙස්ගතව ඉන්න ඇය කාලෙන් කාලෙට ලංකාවටත් එනවා. කොහොම වුනත් ක්ෂේත්‍රයේ කටයුතු නිසා ඇයටත් යම් යම් චෝදනා එල්ලවෙනවා දකින්න ලැබුණා. ඉතින් මේ කතාබහ ඇයත් සමඟයි.

image 191

ඉතින් ත්‍රිකලා මොකද වෙන්නේ මේ දස්වල ?

”මේ දවස්වල ඉතින් මම මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා…. මගේ ඇකඩමි එක දැන් හොඳට ෆෝම් වෙලා තියෙන්නේ… ඉතින් වැඩි අවධානයක් දීලා තියෙන්නේ ඒකට, තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා.. ඒවත් කරගෙන ඉන්නවා…”

image 192

ත්‍රිකලා කියන්නකෝ බලන්න ඔයාගේ පාසල් කාලයේ විස්තර ටිකක් ?

”ඇත්තම කියනවනම් පාසල් කාලය තමයි මගේ ජීවිතේ සුන්දරම කාලය, ඒ කාලය මට කවදාවත් අමතක වෙන්නේ නෑ, මම ඒ කාලේ හරිම දඟ කෙල්ලෙක්… පාසලේ ඉගන ගන්න කාලයේ මට ඕන වුනේ වෛද්‍ය විද්‍යාලයට යන්න. හැබැයි මට ඒ හීනය හැබෑ කරගන්න බැරි වුනා, හැබැයි මට ඒ දේ බැරිවුණ නිසා නිරූපනය කියන ක්‍ෂේත්‍රයට පාර හැදුනා….. දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියලා කතාවක් තියෙනවා නේ…..”

image 186

කාලයෙන් උපරිම වැඩ ගන්න කෙනෙක් නේද ඔයා?

”ඔව්!! ඒක සම්පූර්ණ ඇත්ත, මම මගේ කාලයෙන් උපරිම වැඩ ගන්න කෙනෙක්…. මම සාමාන්‍යපෙළ කරලා ඉවර වුන ගමන් පොඩියට ටියුෂන් පන්තියක් කළා, ඒ පන්තියෙන් ලැබුන මුදල් වලින් මම මැහුම් ගෙතුම් පාඨමාලාවක් කළා…. ඊට පස්සේ මම රූපලාවණ්‍ය ගැන හැදෑරීමක් කළා…. ඊටත් පස්සේ මම ඇඳුම් ඩිසයින් කරන්න ඉගන ගත්තා… ඒ හැම දෙයක්ම අතරේ මම සංගීතය අංශයෙන් උපාධියක් කම්ප්ලීට් කළා, ඒ වගේම පිටරටින් ඔරලෝසු වගේ විසිතුරු දේවල් ගෙනල්ලා ලංකාවේ කඩවල් වලට දාලා මුදල් හෙව්වා, ලැබෙන මුදල් වලින් කොටසක් ඉතිරි කළා….”

image 190

කාලයක් ඔබ ගුවන් සේවිකාවක විදියටත් සේවය කළා නේද..?

”ඔව්…. මම කාලයක් ශ්‍රී ලංකා ගුවන් සමාගමට එකතුවෙලා එහි සේවය කලා. හැබැයි ඒ බොහොම කෙටි කාලයක් විතරයි, මොකද මම විවාහයත් එක්ක ඒ රැකියාවෙන් ඉවත්වෙනවා… මම විවාහ වෙලා ඉන්නේ ගුවන් නියමුවෙක් සමග, එයාගේ නම ඉනෝක පෙරේරා, දෙන්නම එකම ක්‍ෂේත්‍රයේ ඉද්දි ප්‍රශ්න වැඩියි…. ඉතින් මම තීරණය කළා රැකියාවෙන් ඉවත්වෙන්න”

image 188

ඔබ ගෙවන්නේ සුපිරි ජීවිතයක්… ඉතින් මේ ජීවිතයට මිනිස්සු ඉරිසියා කරන්නේ නැද්ද..?

”මිනිස්සු ඉරිසියා කරනවා ඇති, මම නම් හිතන්නේ ඉරිසියාව කියන්නේ පෙර පවකට මිනිස්සුන්ට හැදෙන ලෙඩක්. එක මිනිස්සුන්ට තියෙන නිධන්ගත රෝගයක්, ඒක පාලනය කරගන්න බැරිවුනොත් කවදාවත් ඒ මිනිස්සුන්ට සතුටෙන් ඉන්න බෑ…. අනික තමයි මට ඉරිසියා කරලා ඒ අයට ලැබෙන දෙයක් නෑ, ඉරිසියා කළා කියල මගේ මොනවත් නැතිවෙන්නේ නෑ….”

image 189