විරෝධතා හමුවේ තමන් ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටිනවා.
තමන්ට මහජනතාව ලබා දුන් වරම අනුව සිය ධුර කාලය නියමිත අයුරින් අවසන් කරන බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටිනවා.
ඒ අනුව සිය අවුරුදු 05ක ධුර කාලය තුළ ඉතිරිව ඇති වසර 02ක කාලය ද තමා ජනාධිපති වශයෙන් සිටින බවයි ඔහු මෙහිදී කියා සිටියේ.
එමෙන්ම තමන් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ඔහු කියා සිටියා.
