රිදී තිරයේ අහිංසකම ආකර්ෂණීයම ප්‍රේමවන්තයා කවුද කියලා ඇහුවොත් නිතරගයෙන්ම කවුරුත් පිළිතුරු දෙන්නේ රොෂාන් රණවන කියන නමයි. ඒ තරමටම රසික රසිකාවියන්ගෙන් ඔහුට ලැබෙන්නේ ආදරණීයම ප්‍රතිචාර. මේ වන විට බොහෝ සිනමාපට සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇති රොෂාන්, පූජා උමාශංකර් සමඟ එක්ව අපූරු සිනමා යුගයක් ද බිහි කලා. මේ දිනවල දී ඔහුගේ අලුත්ම සිනමාපටය වන නිමි චිත්‍රපටය සියලුම සිනමාහල්වල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වනවා. ඉතින් මේ ගැන ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී කියල තිබුනෙ මේ විදියට.

” ඇත්තටම සතුටුයි. කාලෙකට පසුවනේ මාව රිදි තිරයේ දකින්න ලැබෙන්නේ. බොහෝ දෙනෙක් ඇහුවා ඒ ගැන. රටේ පවතින වාතාවරණය හමුවේ චිත්‍රපට පෙන්වීම ප්‍රමාද වුණාට චිත්‍රපටවල වැඩ නොකර සිටියා නොවෙයි. මට ආදරේ කරන ප්‍රේක්ෂකයා බලාගෙන සිටියා මගේ චිත්‍රපටයක් එනකම්. ඒ අයට නිමි බලන්න පුළුවන් දැන්. නිමි කියන්නේ කලින් රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්. චිත්‍රපටයේ සීමිත දර්ශන ප්‍රමාණයක සිටියට තවත් වෙනස් චරිතයක් කරන්න ලැබුණු අවස්ථාවක් මෙය. චිත්‍රපටය නැරඹු ප්‍රේක්ෂකයාත් එය කිව්වා.”
ඉතිං රොෂාන්ගේ මේ සිනමා ජීවිතයේ සාර්ථකත්වයට මූලිකවම දායක වූ චරිතය තමයි ඔහුගේ ආදරණීය බිරිද. ඉතිං ඇය ගැන ඔහු පවසා සිටියේ මේ විදියට.

” ඇය මට ලබාදෙන සහයෝගය තරම් නම් මම ඇයට උදව් කරන්නේ නැහැ. මට හොඳ නිර්මාණයකට දායක වෙන්න පුළුවන් මම ගෙදර හොඳීන් හිටියොත්. මානසික නිදහස හොඳට තියෙන්න ඕන. නිර්මාණයක චරිතයක් වුණත් අපි දෙන්නම කතා කරලා shooting තියෙන දවස් මට මතක් කරලා දීලා හොඳ නරක එයත් බලලා අඩුවක් නැතිව මගේ හැමදේකටම උදව් කරනවා ඇය. “
ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
