පකිස්ථාන රජයට එරෙහිව පවත්වන විරෝධතා සදහා තමා යළි එක්වන බව පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසනවා.
ඉකුත් බ්‍රහස්පතින්දා පැවති විරෝධතා රැළියකට සහභාගී වෙමින් සිටිය දී පාදයට වෙ ඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ ඔහු රෝහලේ සිට පළමු වරට මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කර සිටිනවා.
මෙම සිදුවීම පිටුපස ඇමෙරිකාව සිටින බව ද ඔහු චෝදනා කරනවා.
ඉම්රාන් ඛාන්ගේ පාදයේ අස්ථියක් බිදී ඇති බව රෝහලේ වෛද්‍යවරු පවසන අතර තව දින කිහිපයකින් රෝහලින් පිටව යා හැකි බව ද සදහන් කර තිබෙනවා.