උණුසුම් පුවත්
Search
chamathka

”මට නොලැබුණු ඒ ළමා කාලය මම මගේ දරුවාට ලබා දෙනවා” – චමත්කා ලක්මිණි

33

වෙනස් චරිත තුළින් රංගනයට පිවිසි ඇය කවුරුත් හඳුනන චමත්කා ලක්මිණී. කාගේත් ආකර්ශනය දිනාගත්ත දක්ෂ, ජනප්‍රිය තාරකාවක්.. අද වෙනකොට ඇය ඒ වගේ තැනක හිටියත් ඇගේ අතීත කතාව හිතන තරම් සුන්දර එකක් නෙවෙයි..

ඒ ගැන බොහෝ විට ඇය ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කියනවා.. ඒ චමත්කා මේ වෙද්දී ඇගේ ජීවිතය ජයගෙන නිසා වෙන්න ඕන… දැන් ගොඩක් ලස්සන පවුලක් එක්ක ඉන්න ඇය අතීතය ගැන පසුගිය දවසක නැවත වතාවක් මාධ්‍ය ඉදිරියේ කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්..

No photo description available.

“මට තිබුණේ ඉතාම අඳුරු ළමා ලෝකයක්. ආර්ථික වශයෙන් ඒ කාලේ අපි හොඳ තත්ත්වයක ජීවත් වුණාට මම පුංචි කාලෙදිම මගේ තාත්තයි අම්මයි වෙන්වුණා….. ඒ අතරේ මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක මට අතිශය සුන්දර ළමා කාලයක් තිබුණෙ නැහැ. හැබැයි මට නොලැබුණු ඒ ළමා කාලය මම මගේ දරුවාට ලබා දෙනවා……

No photo description available.

මට නොවුණු, මට නොලැබුණු, මම නොදැක්ක දේවල් මම දරුවාට ලබා දෙනවා. මම නොදැක්ක ලස්සන දේවල් මම දරුවාට බලන්න දෙනවා….. මම කවදාවත් මගේ සැමියාට දරුවා ඉස්සරහ කෑ ගහන්නෙ නැහැ. ඒ අමිහිරි අත්දැකීම් මම මගේ ළමා කාලෙදි ඇති තරම් දැකලා තියෙනවා. ඒ වගේම මම හැම මොහොතකම ඕනෑම කෙනෙක්ට ගෞරව කරන්න මගේ දරුවාට කියලා දීලා තියෙනවා. එයා හැමෝගෙම ආදරය දිනාගත්ත දරුවෙක් විදිහට හැදෙනවා නම් මම ආසයි….”

May be an image of 1 person and text

May be an image of 8 people and temple

May be an image of 1 person

No photo description available.

May be an image of 1 person