රටම දන්නා රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම කාලයක් දේශපාලන වේදිකාවේත් කා අතරත් කතාබහට ලක්වූ අනුෂා දමයන්තිගෙන් මාධ්‍ය හැමදාම ඇහැව්වා කාරණාවක් තමයි කවදද කසාද බඳින්නේ කියන දේ. පෙම්වතා කවුද කියලා. ඔන්න ඒ ප්‍රශ්නයට උත්තරේ මෙදා පාර නම් අනුෂා හරියටම අරගෙන ඇවිත්. මේ පාර අනුෂා කේන්දර එහෙමත් බලලා නැකත් එහෙම හදලා ඉවරයි. එළැඹෙන ඔක්තෝබර් මාසයේ අනුෂාගේ කසාදයට දින තීන්දුයි. පහළින් පෙළගැසෙන්නේ අනුෂා ඒ ගැන කිව්ව වැඩි විස්තරයි.

අනුෂා මේ දවස්වල නිහඬයි වගේ?
නිහඬයි කියලා එකක් නැහැ….. මම හිතන්නේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයම එකම වෙලාවක නිහඬ වෙන්න සිදුවුණා. ඒ නිසා සියලු ක්ෂේත්‍ර කඩාවැටුණා. ඒක කලා ක්ෂේත්රයටත් මුලින්ම බලපෑවා. ඕනෑම ආපදාවකදී මුලින්ම බලපාන්නේ කලාකරුවන්ට. ප්‍රසංග වගේම චිත්‍රපට කිහිපයක් නතර වුණා.
කොවිඩ්වලින් පස්සේ ටෙලිනාට්‍ය හතරක වැඩ කළා කියන්නේ ඇත්ත ද?
ඔව්. මම ටෙලි නාට්‍ය හතරක වැඩ කළා. නිහාල් ප්‍රනාන්දු අයියගේ සිව්රඟ සේනා” රොෂාන් වීරසිංහගේ දූවිලි” ගිහාන් රෝහණගේ අසිනි වර්ෂා” සමන් සිල්වාගේ සක්කර සූත්තර කියන ටෙලි නාට්‍ය හතරේම වැඩ කළා. තව සනත් අබේසේකරගේ අලුත්ම ටෙලිනාට්‍ය වන අසිරිමත් දළදාගමනයේ නාග රැජිනගේ චරිතය රඟපානවා.

ටෙලි නාට්‍යවල වැඩ කරන්නේ නැහැ කියලා නේද කිව්වේ?
මම ටෙලිනාට්‍ය රඟපෑමට එකතුවුණා. මම හිතන්නේ කාලෙන් කාලෙට අපිටත් ලෝකෙත් එක්ක වෙනස් වෙන්න සිදුවෙනවා. අද වෙනකොට සිනමා කර්මාන්තය යම් කඩාවැටීමක් තියෙනවා. එතකොට ජනතාව ඉන්නේ රූපවාහිනියත් එක්ක. නමුත් ගොඩක් අය මගෙන් අහන්නේ නර්තනය ගැනයි.
ඇත්තටම නර්තනය පැත්තකටම දැමුව ද?
අම්මෝ කවදාවත් නැහැ. මම හිතන්නේ මම උපදින්නේම නටන්න. මේ කාලය වෙනකොට අපි වෙනදාට ඉන්නේ විදෙස් සංචාර වල. මේ තියෙන වාතාවරණයත් එක්ක ඒ සියල්ල අතරමඟ නැවතිලා. එළැඹෙන දෙසැම්බර් වෙනකොට ඒ සියල්ල හරියාවි කියලා හිතනවා. ලංකාවේ නම් ප්‍රසංග හරියට අඩුයි.

ඔබේම කොන්සර්ට් එකේ හීනයට මොකද වුණේ?
ඒ හීනය මඟ හැරුණේ නැහැ…… ඒක හැමදාටම තියෙනවා හීනයක් වගේ. හොඳට කරන්න ඕනෑ හින්ද ද මන්දා ඒක හැමදාම මගේ අතින් අතපසු වුණා. මම හිතනවා කොයි වෙලාවක හරි ඒක කරාවි කියලා.
එතකොට දේශපාලනය?
මේ දවස්වල දේශපාලනය මට ඉතාම නිහඬ මාතෘකාවක්.

ළඟදීම වෙඩින් එක ගන්නවා කියලත් ආරංචියි?
ඔව්….. ඒ ආරංචිය ඇත්ත. ඔක්කොමලා වගේ දන්නවා. මම කලා ක්ෂේත්රයේ සමහරකට කාඩ් එක බෙදුවත් එක්ක. සියල්ල ලෑස්ති කරලා තිබුණේ වෙඩින් එක ගන්න. ඉතා දැවැන්ත වෙඩින් එකක් ගන්න ලෑස්ති කරලා තියෙන වෙලාවක තමයි සහරාන්ගේ ප්‍රහාරය එල්ල වුණේ…. ඒ වෙලාවේ මට වෙඩින් එක ගන්න විතරයි තිබුණේ. ඊට පස්සේ තමයි කල් දැම්මේ…. මොකද මම වෙඩින් එක ගන්න තිබුණ හෝටලය තමයි බෝම්බ තිබ්බේ. ඊට පස්සේ කරදර වෙයි කියලා තමයි වෙඩින් එක පස්සට දැම්මේ…. 2019 සැප්තැම්බර් කරන්න හිටිය ඒකත් කල්ගිය. ඊට පස්සේ කොවිඩ් ආවා. දැන් මට ගෙදරින් වගේම මම බඳින්න ඉන්න කෙනාගේ ගෙදරින් නීතියක් ඇවිල්ලා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් බඳින්න කියලා…. විවාහ උත්සවයකට ලෑස්ති වෙන්න කාලයක් නැහැ. නැකතක් ගෙනැල්ලා තියෙන්නේ. එදාට විවාහ වෙන්න ඕනෑ. මූලික කටයුතු ටික ඉවර කරනවා. පස්සේ විවාහ උත්සවයක් ගන්නවා කියලා දැන් තීරණය කරලා තියෙනවා….

ක්ෂේත්රයේ අයට කියන්නේ නැතිද?
ඒක තමයි. මට කීපදෙනෙක් එකතු කරලා මේක ගන්න විදිහක් නැහැ. පොඩි පිරිසකට කියලා මේක කරන්නම බැහැ. හැම ක්ෂේත්රයේම මට ආදරය කරන අය ගොඩක් ඉන්නවා.
අන්තිමේ කාටත් නොකියාම හොරෙන් බඳිනවා?
හොරෙන් බඳිනවා නෙමෙයි… මගේ මූලික කටයුත්ත ඉවර කරන්න කියලා ඒගොල්ලො කියනවා.
දැන් කොහෙද කසාද බඳින්නේ?
ඇත්තටම මම වෙඩින් එක ගන්න හදන එකම හෝටලයක්වත් හෝල් නැහැ. මෙදා පාර දින තීන්දුයි. නිවාරණයි, මම බඳිනවා.

පෙම්වතා කායවර්ධන විනිසුරුවරයෙක් නේද?
ඔව්. එයාගේ එක ක්ෂේත්රයක් විතරයි ඒ…. ඔහු ව්‍යාපාර ක්ෂේත්රයට තමයි බර. අනික ඔහු එදා ඉඳලා හොද ක්‍රීඩකයෙක්. කායවර්ධනය සම්බන්ධයෙන් ඔහු ලෝකයත් සමග ගනුදෙනු කරන චරිතයක්. ඇත්තටම ලෝක කායවර්ධන තරග වලට සහභාගි වෙන ක්‍රීඩකයන් පුහුණු කරන විනිසුරුවරයෙක්.
අනුෂා කායවර්ධනයට කැමැති නැතිද?
මම ඉතිං ජිම් යනවා. ව්‍යායාම් කරනවා. බොඩි බිල්ඩින් නම් කරන්න බැහැ.
බැන්දට පස්සේ රඟපෑමෙන් ඉවත් වෙනව ද?
නැහැ. කවදාවත් නැහැ. ඔහුට මම කැමැත්ත දුන්නෙත් ඒකයි. ඔහු මට කලාව කරන්න පූර්ණ නිදහස දීලා තියෙන්නේ. හොද අවබෝධයෙන් අපි දෙන්නා කටයුතු කරන්නේ. ඒකනේ අපි දෙන්නා අවුරුදු 14ක් ආදරය කරන්න පුළුවන් වුණේ.

දැන් කවදද කසාද බඳින්නේ?
ඔක්තෝබර් මාසයේ… දවසනම් කියන්න බැහැ.
බිරිඳකගේ අත්දැකීම ගැන මොකද හිතන්නේ?
බිරිඳක් කියන්නේ කොයි වගේ වෙන්න ඕනෑද කියලා කියන්න දැනුනේ නැහැ. එයා මට පූර්ණ නිදහස දීලා තියෙනවා. මම ඔහුට ගරු කරනවා. අදටත් එයා මා ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ. අපි සමබරව කටයුතු කරමු කියලා කතාබහ කරලයි තියෙන්නේ. ඔහු මගේ ජීවිතයට ලොකු සහයෝගයක් දක්වනවා. මමත් එයාගේ ජීවිතයට ලොකු සහයෝගයක් දක්වනවා. අපි දෙන්නට හරි ලස්සනට මැනේජ් කරන්න පුළුවන් වේවි.

වෙඩින් එක කොහේද ගන්නේ?
ඒක තමයි තැන් කිහිපයක් බලලා තියෙනවා. එක තැනක්වත් මේ වෙනකොට නැහැ. හදිසියේ තීරණය වුණේ මේක කරන්න කියලා. ඒ ගොල්ලන්ගේ සහ අපේ ගෙදරින් ඉක්මන් කරන්න කිව්වා. අදින් පස්සේ තමයි තැන කොතැනද කියලා තීරණය වෙන්නේ. දැන් හිතන්න පුළුවන්නේ මම කොච්චර හදිසියේද ඉන්නේ කියලා ලබන මාසේ තියෙන්නේ. තවම තැනක් නැහැ.
පෙම්වතා කවදද මාධ්‍යයට පෙන්වන්නේ?
මම හිතන්නේ මගේ විවාහ මංගල්‍යය දවසේදී තමයි.

දිනේෂ් විතාන