ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී යුවළගේ ඒ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නේ ඇයගේම අනන්‍යතාවයකින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණ කෙනෙක්. කාලයෙන් කාලයට කතා මවන ඇය අද දිනට යෙදුණ ලෝක මව්වරුන්ගේ දිනයේ අපුරු සටහනක් තමන්ගේ මුහුණ පොතේ එක් කර තිබුණා.
පහතින් ඇත්තේ ඒ සටහනයි…
🌸එක දවසකට පමණක් සීමා නොවෙච්ච මගේ ආදරේ…
මගේ අවසන් හුස්ම තියෙන කල්, පණ මෙන් රකින මගේ ආදරේ…
ජීවීතයේ කටුක කම් මෙච්චරයි කියලා තේරුම් කරලා දුන් මගේ ආදරේ…
මේ ආත්මයේ මගේ උන් ඔයා, හැම ආත්මයකදීම මගේම වෙන්න කියලා පතන මගේ ආදරේ…
ඔව්, මම ටිකක් කෑදරයි අම්ම ගෙ ආදරේට.
හැම සංසාරේම මගේම වෙන්න කියන එක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්. හැබැයි, අම්මා ව සම්බන්ධ හැම තැනකදීම මම එහෙමයි.
මගේ හිතේ අම්මාට තියෙන ආදරේ “මෙච්චරයි” කියලා කියන්න අමාරුයි!
අම්මගෙයි මගෙයි තියෙන්නේ ආත්මීය බැඳීමක්. සාමාන්‍ය දුවෙක්/අම්මෙක් වගේ නෙමේ. අපි දෙන්නට දෙන්නා ඒක දන්නවා… එක වෙලාවකට ඒක හරිම කරදරයක්… හැබැයි, ඒක “සුන්දර” කරදරයක්!🥲❤️
ජීවිතයේ එන හැමදේකටම ඔලුව කෙලින් තියන් ශක්තිමත්ව මුහුණ දෙන්න ඉගැන්නුවේ ඔයා… අදටත්, මොන දේ උනත් මගේ ලඟින් ඉන්නේ ඔයා. ඔයාට පිං මගෙ අම්මේ!🙏🏼
ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් මම ඉන්නවා…😇❤️
තව පොඩි ආත්මාර්ථකාමී සිතුවිල්ලක් නැතුවම නෙමේ…
මගෙ අම්ම ට කලින් මට මේ ලෝකෙන් යන්න ඕනේ. මොකද, ඔයා නැති ලෝකෙක මට ජීවත් වෙන්න තේරෙන්නෙ නැති වෙන නිසා… සහ, මට ඒක දාරගන්න අමාරු නිසා…
මේ ආත්මේ දුන්න දුක් කරදර වලට මට විපාක ලැබෙයි…
මොකද, නොසිතා ඔයාගෙ හිත රිද්දපු වාර අනන්තයි…
ජීවිතේ හැමෝටම ආදරේ බෙදලා, කාටවත් කරදරයක් නොකර, වෛර නොකර, මනුස්සයෙක්ට හිතට සැනසීමක් දෙන්නේ කොහොම ද කියලා මට හැම වෙලාවෙම ඉගැන්නුවට පිං.
ඔයා වගේ අම්මලා හැම දුවෙක් ලඟම නෑ, ලැබෙන්නේත් නෑ. මම හරි ආඩම්බරෙක් ලෝකේට කෑගහලා කියනවා ඔයා මගේ කියලා… මොකද ඔයා මනුස්සයෙක් නෙමේ… ඔයා SUPER NATURAL!❤️
-කවී-
Happy Mother’s Day to my ammi and all ammi’s around the world!🌸
Samitha Mudunkotuwa