උණුසුම් පුවත්
Search
ANUSHKA

”මම කෝටි ගාණක ගේ ගන්න ගියෙත් ශෝටක් ඇදගෙන බාටා දෙක දාලා” – ”වස්ති” අනුෂ්ක කියපු කතාව

1224

රටම දන්නා නමක් තමයි ”වස්ති” කියන්නේ. කෙටියෙන්ම කිව්වම අපේ රටේ සමාජ ජාල භාවිත කරන ලොකු – පොඩි ඕනම කෙනෙක් වසති ගැන නොදැන ඉන්න නම් විදියක් නෑ. ඉතින් වස්තිලාගේ යූ ටියුබ් නාලිකාව මේ වන විට ඉතාම විශාල රසික ආදරයත් එක්ක අංක එකේ සමාජ මාධ්‍ය අතර තියෙනවා. ඉතින් වස්ති කිව්වම අනුෂ්ක උදානව කාටද අමතක කරන්න පුලුවන්…..

image 77

ගායකයෙක් විදියටත් හදුන්වන්න පූලුවන් අනුෂ්ක මේ වන විට සමාජ මාධ්‍ය හරහා ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඉතින් වැඩිම ගාණක් අය කරන වස්තිලා ප්‍රාසාංගික වේදිකාවකට මේ වන විට නැතුවම බැරි අය.

image 78

මේ දින වල නම් ඉතින් අනුෂ්ක උදාන කිව්වම කෝටි ගානක ගේ තමයි හැමෝටම මතක් වෙන්නේ. ඒ ඔහු පසුගිය දා මහරගමින් කෝටි ගානක් වටිනා ගෙයක් අරන් තිබුණා. ඉතින් ඔහුට උවමනා වෙලා තිබුණේ අපාර්ට්මන්ට් එකක් ගන්න, නිදහසේ ජීවත් වෙන්න. සමහර දවස් වලට අනුෂ්ක ප්‍රසංග වලට ගිහින් ඇවිත් නිදාගෙන ඉන්නකොට ප්‍රේක්ෂකයෝ ඔහුත් එක්ක ෆොටෝ ගන්න එක විටෙක අනුෂ්කට කරදරයක්. ඉතින් නිදහසේ ඉන්න කැමති අනුෂ්ක මේ වන විට සුරිපි වාහනයක්, සුපිරි ගෙයක් හිමි කෙනෙක්.

image 79

අලුතින්ම මිලදී ගත්ත ගේ ගැන ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

”මම ගේ ගත්ත එක ගැන අම්මට ගොඩක් සතුටුයි. මොකද අම්මා දන්නවා අපි විදපු දුක. වස්තිලා වැඩිපුරම අය කරනවා කියලා…. අවුල් වගේ නම් සංගීත ප්‍රසංග වලට ආරාධනා නොකර ඉන්න ඕන. අපි මේ අපිටම කියලා දෙයක් කරගන්නෙ කුඩු විකුණලා නෙමෙයිනේ. අපේ මහන්සියෙන් ප්‍රේක්ෂකයව සතුටු කරවලා. මම එදා හිටපු අනුෂ්කම තමයි තවමත්. මේ ගේ ගන්න ගියෙත් ශෝටක් ඇදගෙන බාටා දෙක දාලා. මම අවුරුදු පහක හීනයක් දැකලා අවුරුදු 3 න් 4න් වගේ කොහොම හරි හැබෑ කරගත්තා.”

image 80

ඉතින් අනුශ්කගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ දෙනෙක් ඔහුට සුබපැතුම් එක්කරන්ත්, ඔහුව අගය කරන්නත් අමතක කර නැහැ.

image 81