උණුසුම් පුවත්
Search
sajitha 1 1

”අප්පච්චිට සුව පතන්න පුංචි පුතා එක්ක අනුරාධපුරේ ගියා” – සජිත ඇන්තනී

6016

කලා ලෝකය තුළ කාලෙන් කාලෙට නොයෙකුත් දක්ෂතාවයන්ගෙන් සම්පූර්ණ වූ දක්ෂ කලාකරුවන් දැකබලාගන්න අපිට අපට අවස්ථාව උදා වෙනවා. ඕනෑම චරිතයක් සාර්ථකව දක්ෂව නිරූපණය කරන රංගන ශිල්පියාට කොයි කවුරුත් ආදරය කරන්නත් අමතක කරන්නේ නැහැ. ඒ විදිහට ජනතාවගේ හදවත දිනා ගෙන අද වන විට දක්ෂ කලාකරුවෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්න රංගන ශිල්පියෙක් තමයි සජිත ඇන්තනී කියන්නේ.

image 155

සජිත කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බාල පුතා. පසුගියදා ජැක්සන් ඇන්තනී නම් මේ සුන්දර කලාකරුවා පිළිබඳව හරිම අවාසනාවන්ත පණිවිඩයක් අහන්න සිද්ධ වුණා. ඒ ඔහු රූගත කිරීම් අවසන් කොට ආපහු කොළඹ බලා එන ගමනේ දී ඔහු අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී වල් අලියෙකු රථය ගැටීම නිසා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමයි.

image 157

ඒ දින අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ඔහු පසුදින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. එහිදී ඔහුගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ශල්‍ය වෛද්‍ය කටයුතු ආරම්භ කරපු අතර පැය 7ක දීර්ඝ සැත්කමකුත් ඒ අතර කරන්නට නියමිත වුණා.

image 154

ඉතින් ඒ සියලුම දේවල් එක්ක මේ සුන්දර කලා කරුවාට ඔහුගේ ආදරණීයන් සියල්ල එකතු වෙලා හදවතින්ම නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළා. ඒ සියලු පැතුමන් අතරේ ආදරණීය දියණිය මාධවී පුතා අකිල සහ බාල පුතා සජිත මේ සියලුම දෙනාත් අප්පච්චි වෙනුවෙන් ජීවිතය ඉල්ලන්න පටන් ගත්තා.

image 156

ඒ විදිහට පසුගිය දවසක සජිත තමන්ගේ ආදරණීය පුංචි පුතා සහ බිරිඳ සමග අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස ට ගිහින් තාත්තට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරා. පසුගිය දවසක ඔහුගේ උපන්දිනයක් යෙදී තිබුනු නිසා ඒ සියලුම දේවල් අළලා ඔවුන් ඔහුට ඉතාමත් ඉක්මනින් සුව වෙන්න කියලා ආශිර්වාද කරලා තිබුණා. එ අවස්ථාවේදී සජිත තාත්තා ඔහුගේ පුංචි පුතා ඉපදුන දවස ගොඩක් ආඩම්බර වෙලා සතුටින් හිටිය නිසා පුංචි පුතාගේ අතින්ම අටපිරිකර පූජා කරලා ඔහුට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කළා. ඒ වගේම මේ අවස්ථාවේදී සජිත සුන්දර ඡායාරූප දෙකක් මුහුණු පොතට එක් කරමින් තමන්ගේ තාත්තා වෙනුවෙන් පළ කරපු සංවේදී සටහන් පහතින් උපුටා දක්වා ඇත.

image 153

1 8
3 4
image 158



Leave a Reply

Your email address will not be published.