උණුසුම් පුවත්
Search
poornika

”ලොකු පුතා පේෂලට සමීප වුණ නිසා තමයි මම දෙවන විවාහයකට ගියේ” – පූර්ණිකා පීරිස්

698

නිවේදිකාවක් විදියට වසර 20ක පමණ කාලයක් තුළ වැඩසටහන් මෙහෙය වූ පූර්නිකා පීරිස් දක්ෂ නිවේදිකාවක්. කලා පසුබිමක් තියෙන පූර්නිකාගේ පියා සහ ඇගේ ලොකු තාත්තා ගුවන් විදුලියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිවේදකයන්. මුලින්ම ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වුණු පූර්නිකා පසුව දෙරණ ආයතනයට නිවේදනය සදහා සම්බන්ධ වෙනවා. නමුත් පසුකාලීනව ඇය ඉන් ද ඉවත් වෙනවා. පූර්නිකා පීරිස් කියන්නේ දක්ෂ නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි නර්තන ශිල්පිනියක්ද වෙනවා. ඒ වගේමයි ඇය අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනි චතුරිකා පීරිස්ගේ එකම සහෝදරිය ද වනවා.

No photo description available.

පූර්නිකා පීරිස් කියන මේ දක්ෂ නිවේදිකාවගේ පෞද්ගලික ජීවිතය තුළ ඇය පළමු විවාහයෙන් වෙන් වෙලා දෙවන විවාහයක් කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඉතින් මේ වන විට උතුම් මව් පදවිය දෙවතාවක් ලබපු පූර්නිකා පීරිස්ගේ දෙවැනි විවාහයේ සැමියා තමයි දක්ෂ නිවේදකයෙක් වන පේෂල මනෝජ් කියන්නේ. අද කාලේ වන විට කාන්තාවක් දෙවන විවාහයකට යනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඒ අභියෝගය ගැන අවධානමක් ගත්ත පූර්නිකා ඇගේ කතාව මේ විදියටයි කියලා තිබුණේ.

May be an image of 2 people, people standing and indoor

”මට සතුටින් ඉන්න බැරි තැන තමයි විවාහයෙන් වෙන් වුණේ. දෙවෙනි පාරට වෙන විවාහයකට නොයා අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් පුතා එක්ක හිටියා. පේෂල හම්බවුනාම මම දෙමාපියන්ට කියලා හිමින් තමයි විවාහ වෙන්න තීරණය කලේ….. මම පේෂලව විවාහ කරගන්න මූලිකම හේතුව වුණේ මගේ පුතා ඔහුට දක්වපු ආදරය, සෙනෙහස වගේ දේවල් නිසා…. ඒ විදියට පුතා ඔහුට සමීප වුණේ නැත්නම් මම කවදාවත් දෙවැනි විවාහයකට යන්නෙ නෑ.”

May be an image of 2 people, people standing and indoor

මේ විදියටයි ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්නිකා පීරිස් ඇගේ දෙවැනි විවාහය ගැන කියලා තිබුණේ. දැන් ඔවුන් දෙදෙනා පුතාලා දෙන්නෙකුගේ ආදරණීය මව්පියන්.

May be an image of 3 people, child, people standing and outdoors