උණුසුම් පුවත්
Search
piumi 1 1

”මම නම් එක ඇඳුමක් අඳින්නේ එක පාරයි” – පියුමි ශ්‍රීනායක

189

මේ දිනවල ලංකාවේ බහුතර පිරිසක් නරඹන අතිශය ජනප්‍රිය ආදරණීය ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යය. ගීත වල රූප රචනා තුළින් ක්ෂේත්‍රයට ඇවිල්ලා පාර දිගේ තුළින් රසිකයන්ගේ ආකර්ෂණය දිනා දිනා ගැනීමට සමත් වුණ තවත් රංගන ශිල්පිනියක් තමා පියුමි කියන්නෙ. මේ කතාබහ පියුමිගෙ විලාසිතා සම්බන්ධයෙනුයි.

පියුමිගේ විලාසිතා හැමෝගෙම ආකර්ෂණයට ලක් වුණේ ඇයි කියලා අහපු ප්‍රශ්නෙට එයා දුන්නෙ මේ වගේ උත්තරයක්…

”මම දකින විදියට ඒකට විශේෂම හේතුව තමයි, මම හරිම ලස්සනය පිළිවෙලට ඇඳුම් අඳින එක ඒ වගේම මම ලෝකේ ඉන්න හැමෝගෙම විලාසිතා ගැන අවධානයෙන් ඉන්නේ, මම ඉතින් ඒවා බලලා මම කැමති විලාසිතා තෝරාගන්නවා..”

image 308

පියුමි වැඩියෙන්ම කැමති කාගේ විලාසිතාවට ද කියලා අහපු ප්‍රශ්නෙට දීපු උත්තරය මෙන්න….

” මම වැඩියෙන්ම ආස ජනරිය නිලි දීපිකා පදුකෝන්ගේ විලාසිතා වලට, සමහර වෙලාවට මම විශේෂ අවස්ථාවලට යද්දී දීපිකාගේ විලාසිතා ඒ විදියටම කරන්න උත්සහ කරනවා… දීපිකාට අමතරව ආලියා බාත්, ජාන් බී කපූර්, ප්‍රියංකා චොප්රා, වගේ කට්ටිය කරන විලාසිතා වලටත් මම ගොඩක් ආසයි, මම කොහොමත් ආසයි ලස්සනට අන්දලා පැළඳලා ඉන්න….”

image 306

වඩාත්ම ගැලපෙන විලාසිතාව පිළිබඳව පියුමි දක්වපු අදහස…

”‘මට ගැලපෙනම විලාසිතා තමයි ඉන්දියානු විලාසිතා, මගේ මුහුණේ හැඩයි ඇඟේ පැහැයයි නිසා මම හින්දි විලාසිතා කරද්දී ගොඩක් අය කියනවා මම හින්දි නිලියක් වගේ කියලා… මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා…. මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ, අනිත් හැම පාටක්ම මට ලස්සනයි කියලයි මට හිතෙන්නේ….”

image 307

පියුමි එයාටම ආවේනික ඇදුම් අදිනවා… ඒ ඇදුම් නිර්මාණය කරන්නේ එයාමද කියලා අහපු ප්‍රශ්නයට කිව්වේ මේ වගේ කතාවක්….

”ඇත්තම කියනව නම් නැහැ, මට මම වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය කරන කෙනෙක් ඉන්නවා, එයා තමයි රුවන් චාමර මල්ලි… එයා මට නිර්මාණය දෙන එක ඇඳුමක් මම අඳින්නේ එක පාරයි, ඉතින් ඒ නිසා එයා අලුත් අලුත් ඇඳුම් ගොඩක් මට හදලා දෙනවා…. ඇත්තම කියනව නම් එයා අති දක්ෂයෙක්”

image 304

විලාසිතා වෙනුවෙන්වේ වැයවන මුදල ගෙන ඇගේ අදහස වුණේ මෙහෙමයි..

”අනේ නෑ, මම නිතරම බලන්නේ අඩු මුදලකින් ලස්සනට අඳින්න පළදින්න…. මම කොහොමත් බ්‍රැන්ඩඩ් ඇඳුම් විතරක් අඳින කෙනෙක් නෙවෙයි, මම මට ගැලපෙන ඕනෑම ඇඳුමක් අඳිනවා, මට එහෙම මානසික මට්ටමක් නෑ, පොඩි ගානකට ලස්සන ඇඳුමක් හම්බවුනොත් මම ඒකත් අරන් අදිනවා, ඒක පාටියකට හොඳයි කියලා හිතුනොත් මම පාටියකටත් ඒක අඳිනවා….”

image 305