දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා සුන්දර රූපකායක් ඇයට හිමිය. එපමණක් නොව ජන්මයෙන්ම උරුම වූ කෝකිලාවියක් බඳු මිහිරි හඬකුත් අෑට හිමිය. මේ දිනවල ඇය පිළිබඳ ඇගයුම්, ප්‍රශංසා බොහෝය. ඒ ඈ ගායනා කළ “අයියෝ සාමි” දමිළ ගීතය නිසාය. අසන සැමගේම මුව රැඳෙන මේ අපූරු ගීය ගායනා කළ වින්ඩි ගුණතිලක තමයි අද අපේ කතා නායිකාව.
ඉතින් කොහොමද මේ දවස්වල තොරතුරු?
”ඉතාමත්ම කාර්යබහුලයි. මගේ අලුත්ම ගීතය “අයියෝ සාමි” ගීතය නිසාත් එහි ප්‍රවර්ධන කටයුතු නිසාත්, කවදාවත් නැති තරමට අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන්නට වෙලා.”

ඔබ ආසාවෙන් නේද ඒවා කරන්නේ?
”ඔව්. මම හිතනවා ආසාවෙන් කියලා. ඒත් මට ලොකු passion එකක් නෑ sing කරන එක ගැන. පොඩි කාලේ ඉඳන් කරගෙන යන දෙයක් වගේ. Naturally කරගෙන යනවා.”
ඔබේ මෙම අලුත් ගීතය නිර්මාණය වීමට පසුබිම හැදුණේ කොහොමද?
”ඇත්තටම සනුක තමයි හේතුව. එයා වෙන සින්දුවක් කරමිනුයි හිටියේ. එයාට එක පාරටම අදහසක් ඇවිත් Melody එක හැදුවා. ඉන්පසුව ඔහු සිංහලෙන් Lyrics ටික ලිව්වා. එයා හිතුවා Tamil හෝ Hindi Language එයට ගැළපෙනවා කියලා. ඉන් පසුව Pottuvi Asmin සහෝදරයා එය දමිළ භාෂාවෙන් ලිව්වා. සනුක සංගීතය නිර්මාණය කළා.”

මේ ගීතය ලස්සනයි වෙනස් භාෂාවකින් ගීතය ගයද්දී ඔබට කොහොමද එය දැනුණේ?
”ඇත්තටම ගොඩාක් බය වෙලා හිටියේ. මම සිංහලෙන් සින්දුවක් කියන්නත් බයයි. දමිළ භාෂාවෙන් කීවම තවත් බය වුණා. හරිම අමාරු Language එකක්නේ.”
Visual එකත් ටිකක් වෙනස් නේද? සුරංගනාවියක් අහසින් බැහැල ඇවිත් වගේ පෙනුණා?
”ඔව්. එය හරිම Simple Visual එකක්. Vihayas කියන Creative Team එක තමා එය කළේ.”
ඔබ ජනප්‍රිය කලා පවුලකින් පැවැත එන්නියක්. එය ඔබේ ගමනට ආලෝකයක් වූවා නේද?
”අනිවාර්යයෙන් මම හිතන්නේ අම්මලාගෙන් ලැබුණු දෙයින් තමයි අක්කියි, මමයි මේ ගමන යන්නේ. ඒක විශාල ශක්තියක්. අම්මලාට හොඳ අවබෝධයක් තියෙනව මේ Industry එක ගැන. එයාලගෙන් අවවාද ආදර්ශ සහ අදහස් අරන් තමයි අපි හැම ගීතයක්ම එළියට දාන්නේ. විශේෂයෙන්ම මම.”

ඔබ බලාපොරොත්තු වුණු ජීවිතය ඔබට ලැබිලා තියෙනවද?
”ඇත්තටම චූටි කාලේ මම හිතුවා ගායිකාවක් වෙන්න. ලොකු වෙද්දී හිතුවා ච්ඥපථචබධතධඨඪඵබ කෙනෙක් වෙන්න ඕන කියලා. මම ආසයි ඉඬඪද සම්බන්ධව වැඩ කරන්න. ඒත් High School යද්දී මට ආයෙම ආසාවක් හිතුණා. Sing කරන්න සහ Music Field එකට යන්න.”
ලැබෙන ජනප්‍රියත්වය පිළිබඳ කතා කළොත්?
”ජනප්‍රියත්වය කියන්නේ මිනිස්සුන්ගේ ආදරය ලැබෙන එක. මට ඒක ලොකු ආශිර්වාදයක් විධියට තමයි පෙනෙන්නේ.”
අම්මා, තාත්තා, අක්කා මේ අය ගායනා කරන ගීත අතරින් ඔබ වඩාත් කැමැති ගීත මොනාද?
”ඇත්තටම තාත්ති හදන සින්දුවල වෙනම Magic එකක් තියෙනවා වගේ මට දැනෙනවා. මම එයාගේ දුව නිසාද දන්නේ නැහැ. එයාගේ හැම ගීතයකටම මම කැමැතියි. ‘රේණු රේණු මල් මිටේ රේණු ගීතයට මම ටිකක් වැඩිපුර කැමැතියි. අම්මිගේ ‘සුදු සේල දවටා’ ගීතයට මම හරි ආසයි.”

ඔබ ලක්ෂ්මන් විජේසේකරයන් සමඟ ගැයූ මවගේ ගීතයක් පසුකාලීනව රෝහණ වීරසිංහයන් සමඟින් ගායනා කළා. එය කතා බහට ලක් වුණා නේද?
”ඇත්තටම ඒක ලස්සන සින්දුවක්. ලක්ෂ්මන් විජේසේකරයන් සමඟ ගායනා කරන්න ලැබුණේ 2018දී 2020දී පමණ එය සමාජ මාධ්‍ය ජාලා හරහා බොහෝ ජනප්‍රියත්වයට පත් වූවා. ගොඩාක් අය කැමැතියි ඒ ගීතයට. හමුවුණාම බොහෝ අය කතා කළේ ඒ ගීතය පිළිබඳව. මට ලොකු ආශිර්වාදයක් එය.”

සංගීතමය පවුල් පරිසරයක ඉපදුණත් ඔබේ දක්ෂතාව තමයි ඔබව ඉදිරියට ගෙන යන්නේ. ඒ ගැන මොකද හිතන්නේ?
”මම දන් නැහැ මගේ දක්‍ෂතාව කොච්චරක්ද කියලා. මගේ හැකියාව පුළුවන් තරම් ඔප මට්ටම් කරගන්න මම උත්සාහ කරනවා. මම ඒකට මහන්සි වෙනවා. ඕනෑම දේකට පුහුණුව තමා අවශ්‍ය.”
Music සම්බන්ධව ඔබට තියෙන දැනුම කොහොමද?
”පුංචි කාලේ ඉඳන්ම සංගීතය විෂයක් විදිහට පියානෝ වාදනයත් ඉගෙන ගත්තා. High School එකේ Choire එකේ හිටියා. යුනිවර්සිටි ගිහින් ඩිගි්‍ර එක කරන්න ගත්තෙත් මියුසික්වලින්.”
ප්‍රේමය කියන්නේ ඕනෑම හිතක ස්වාභාවිකව පූදින දෙයක්. ඔබට ප්‍රේමය ගැන දැනෙන්නේ කොහොමද?
”ආදරය හොඳයි. මට තේරෙන්නේ නැහැ ඒක පැහැදිලි කරන්න. Love කියන දෙයින් ශක්තියක් ලැබෙනවා ජීවිතයට. මම හිතනවා ගොඩක් මිනිස්සු ජීවිතේ ගෙනියන්නේ ආදරේ නිසා කියලා. හරියට ජීවිතය පිරිලා වගේ දැනෙනවා.”

ඔබ ඉදිරි ජීවිතය ගෙවන්න බලාපොරොත්තු වෙන්නෙ කෙසේද?
”මම කැමැතියි ලංකාවේ ඉන්න. ඒක හරිම නිදහස් කියලයි මට දැනෙන්නේ. ලංකාවෙ ඉඳලා ගායනය පැත්තෙන් ඉදිරියටම යන්න තමයි මම කැමැති. මට මගේ පවුලේ අය සමඟ සතුටින් ඉන්නයි ඕන. සැහැල්ලුවෙන් ඉන්න තමා වඩාත් වැදගත්. ඇත්තටම මම ඕනවට වඩා සැලසුම් කරන්න කැමැති නැහැ.”
ඔබේ අනාගතය පිළිබඳව සිතන්නේ කොහොමද?
”හොඳ සින්දු ටිකක් කරන්න හිතන් ඉන්නවා. ඇල්බම් එකක් කරන්න ප්ලෑන් කරනවා. මම තාත්ති හෝ අම්මි එක්ක සින්දුවක් කරන්න ආසාවෙන් ඉන්නේ.”

කලාව කොහොමද ඔබට දැනෙන්නේ?
”Art කියන්නෙත් ආදරය වගේ දෙයක්. ඒක ලෝකෙට අවශ්‍යම දෙයක්. ජීවිතය ඉදිරියට ගෙනියන්නේ ආර්ට්.”
අයියෝ සාමි විදෙස් රටවලත් සැරිසරනවා නේද?
”මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. Thank you කියනවා Encourage කළාට හැමෝටම. විශේෂයෙන් සනුකට තමයි ගොඩක්ම ස්තූති කරන්න ඕනෑ. එයා වැඩ ගොඩක් මැද්දෙයි මෙය කළේ. සින්දුව හදන්න, Music කරන්න මහන්සි වුණේ ඔහුයි. මේ හැමදේම ඔහු නිසයි. එයාගේ සින්දුත් කරන ගමන්මයි එයා මේ දේත් කළේ. මම කැමැතියි මම ලකී කියනවට වඩා බිලෙස්ඩ් කියලා කියනවට. මම හිතනවා දෙවියෝ මට ගොඩක් ආශිර්වාද කරල තිබෙනවා කියලා. එයාටත් ස්තූතියි හැමදේටම.”

තනුජා සුභාෂිණි සිරිවර්ධන